[vc_row][vc_column][vc_column_text]ශ්රි ලංකා පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධාන කරන එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය කොළඹ තුරග තරග පිටියේදී පසුගියදා අවසන් වුණා. ඊට සුදුසුකම් ලබා තිබුණේ පොලිස් කණ්ඩායම සහ සෝන්ඩර්ස් කණ්ඩායමයි.
තරගය ආරම්භයේ සිටම දෙපිළම තියුණු තරග රටාවක් දියත් කළා. පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට අවස්ථා කිහිපයක් උදා වුවද ඒවා සාර්ථක වූයේ නැහැ. ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ දෙපිළම ගෝල වාර්තා කිරීමට පෙරයි. නමුත් තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 5 ක් ගත වන විට සාර්ථක වූ පොලිස් කණ්ඩායම ගෝලයක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සමත්වුණා. නමුත් ඊට ප්රතිචාර දැක්වූ සෝන්ඩර්ස් කණ්ඩායමද ගෝලයක් වාර්තා කළේ කණ්ඩායමේ දෙකෙහි ලකුණු තත්වය නැවතත් සම කරමින්.
අනතුරුව තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා වූයේ නැහැ. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට දෙපිළම එක් ගෝලය බැගින් වාර්තා කර තිබුණා. ඒ හේතුවෙන් තරගයේ ජය පරාජය තීරණය කිරීමට දඩුවම් පහර ලබා දුන්නා. එහිදී පොලිස් කණ්ඩායම දඩුවම් පහර 5 ක් සාර්ථක කර ගත් අතර ප්රතිවාදී සෝන්ඩර්ස් කණ්ඩායම සාර්ථක කර ගත්තේ දඩුවම් පහර 4 ක් පමණයි.
තියුණු තරගයකින් අනතුරුව අවසන් තරගය ජය ගත් පොලිස් කණ්ඩායම එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ ශුරතාව තමන් සතු කර ගත්තා. ඔවුන් මෙම ශුරතාව දිනා ගත්තේ 1993 වසරින් පසුව වීම විශේෂත්වයක්.[/vc_column_text][/vc_column][/vc_row]