20න් පහළ A කොටසේ පැසිපන්දු ශූරතාවය කොළඹ DS සේනානායක විද්‍යාලයට

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් A කොටසේ පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. මෙවර අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබුවේ කොළඹ DS සේනානායක විද්‍යාලය සමගින් කොළඹ සාන්ත පීතර විද්‍යාලයයි. තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ සාන්ත පීතර විද්‍යාලයීය පැසිපන්දු ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි.

තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර නියමිත කාලසීමාව අවසානයේ 71ට 58ක් ලෙසින් ලකුණු 13ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට කොළඹ DS සේනානායක විද්‍යාලයීය පැසිපන්දු ක්‍රීඩකයන් සමත් විය. ඒ අනුව වසර 15ක නිහැඩියාව අවසන් කරමින් වයස අවුරුදු 20න් පහළ A කොටසේ පැසිපන්දු ශූරයන් ලෙසින් කිරුලු දරන්නට DS ක්‍රීඩකයන්ට හැකිවිය.

DS ක්‍රීඩකයන් පළමු වටයේදී ආනන්ද විද්‍යාලය(74-55), Asian ජාත්‍යන්තර පාසල(74-44), වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය(74-51) හා වෙස්ලි විද්‍යාලය(84-44) ලෙස පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එහිදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය(64-43) පරාජයට පත් ජළ අතර අවසන් පූර්ව වටයේ දී කොළඹ රාජකීය විද්‍යාලය පරාජයට පත් කිරීමට ඔවුන්ට හැකිවිය. කොළඹ DS සේනානායක විද්‍යාලයීය කණ්ඩායම මෙවර සමස්ත ලංකා 20න් පහළ ශූරතාවය දිනාගැනීමට පසුගිය ඔක්තෝබර් මාසයේදී සමත් වූයේ අවසන් මහා තරගයේදී ලකුණු 45-39ක් ලෙස සාන්ත පීතර විද්‍යාලය පරාජයට පත් කරමිනි.

Back To Top