20 යි 20 තරගාවලියේ ජය එංගලන්තයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි 20 යි 20 තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව එංගලන්තය තරගාවලිය ජය ගත්තේ තරග 2 ට 1 ක් ලෙසයි. තුන්වැනි තරගය පැවැත්වුණේ සෙන්චූරියන්හිදී.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 222 ක් රැස් කළා. හෙන්රිච් ක්ලාසන් නොදැවී ලකුණු 66 යි. පන්දු 33 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 4 ක් ඇතුලත්. ටෙම්බා බවුමා ලකුණු 49 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ටොම් කුරන් සහ බෙන් ස්ටෝක්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිලිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 19 යි පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 226 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.ජොනී බෙයිස්ටෝව් පන්දු 34 කදී ලකුණු 64 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 3 ක් ඇතුලත්. ජොෂ් බට්ලර් පන්දු 29 කදී ලකුණු 57 ක් රැස් කළේ 4 පහර 9 ක් සහ 6 පහර 2 ක් සමග. නායක ඉයොයින් මෝගන් වේගවත් ලකුණු 57 ක් රැස් කළේ පන්දු 22 කට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිම 6 පහර 7 කින් වර්ණවත් වුණා.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද දිනා ගත්තේ ඉයොයින් මෝගන් විසින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top