20 යි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි 20 යි 20 තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබධතාව ලකුණු 16 ක්. පළමු කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 9 කට දැවී ගියා. දෙවැනි කඩුල්ල ලෙස ශෙහාන් ජයසූරිය ලකුණු 16 කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 15 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 11 කටත් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23 කටත් දැවී ගියා වනිදු හසරංග ලකුණු 8 යි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 109 කට දැවී ගියා. අනතුරුව දසුන් ශානක සහ තිසර පෙරේරා 7 වැනි කඩුල්ල සදහා ගොඩනැගූ නොඹිදුනු සබධතාව ලකුණු 46 ක්. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසනායේ කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් රැස් කළා. දසුන් ශානක පන්දු 24 කදී නොදැවී ලකුණු 31 ක් රැස් කළා. ඊට 4 පහර 3 ක් සහ 6 පහරක් ඇතුලත්. තිසර පෙරේරා පන්දු 13 කදී නොදැවී ලකුණු 21 ක් රැස් කළේ 4 පහරක් සහ 6 පහරක් සමග. පන්දු යැවීමේදී ෆාබියන් ඇලන් කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 156 ක ඉලක්කයක් හඹා යමින් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ආරම්භ කළේ ලෙන්ඩ්ල් සිමන්ස් සහ බ්‍රෙන්ඩන් කිංග්. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 23 ක සබධතාවක් ගොඩනැගුවා. පළමු කඩුල්ල ලෙස සිමන්ස් දැවී ගියේ ලකුණු 9 කට. බ්‍රෙන්ඩන් කිංග් පන්දු 21 කදී ලකුණු 43 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර දෙකක් ඇතුලත්. රොව්මන් පවෙල් ලකුණු 17 කට දැවී ගියේ ලහිරු කුමාර යැවූ පන්දුවක් හමුවේ ශෙහාන් ජයසූරි‌ය හතරේ සීමාව අසලදී රැක ගත් සුපිරි උඩ පන්දුව හේතුවෙන්. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 17 ක් අවසානයේදී කඩුලු 3 ක් පමණක් දැවී තිබියදීයි. ශිම්රන් හෙට්මයර් නොදැවී ලකුණු 43 ක් රැස් කළා. ඇන්ඩ්‍රෙ රසල් පන්දු 14 කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 40 ක්. ඔහුගේ ඉනිමේ 6 පහර 6 ක් ඇතුලත්. තරගාවලිය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ තරග 2 ට 0 ක් ලෙසයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top