20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන නිකුත් වේ

[vc_row][vc_column][vc_column_text]2020 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ජයග්‍රහණය ලබාදීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.ඒ අවසන් මහා තරගයේ දී පැපුවා නිව්ගිනියා කණ්ඩායම පරාජයට පත්කරමිනි.

මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම සිය ඉලක්කය පන්දුවාර දහනවයක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී තිබියදී සපුරා ගනිමින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ජයග්‍රහකයන් බවට පත්විය..

මේ අනුව 2020 වසරේ පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ A හා B කාණ්ඩයෙන් තරග වදින රටවල් හා ශ්‍රී ලංකාවේ තරග කාල සටහන පහත පරිදි වේ.

A කාණ්ඩය
🇱🇰 ශ්‍රී ලංකාව
🇵🇬 පැපුවා නිව්ගිනියාව
🍀 අයර්ලන්තය
🇴🇲 ඕමානය

B කාණ්ඩය

🇧🇩 බංග්ලාදේශය
🇳🇱 නෙදර්ලන්තය
🇳🇦 නැම්බියාව
🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 ස්කොට්ලන්තය

ශ්‍රී ලංකා මූලික වටයේදී ක්‍රීඩා කරන තරඟ වල කාල සටහන

අයර්ලන්තය සමගින් ඔක්තෝබර් 18 (ගිලෝන් )

පැපුවා නිව්ගිනියාව සමගින් ඔක්තෝබර් 20 (ගිලෝන් )

ඕමානය සමගින් ඔක්තෝම්බර් 22 (ගිලෝන් )[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top