2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා අජන්ත මෙන්ඩිස්

[vc_row][vc_column][vc_column_text]

2009 සහ 2010 වර්ෂ වලදී වැඩිම ලකුණු ලාභීන් ශ්‍රී ලංකාවෙන් බිහි වද්දී 2012 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට අජන්ත මෙන්ඩිස් පත් වුනා. පළමු වතාවට 2012 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියස් සංවිධානය කිරීමේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වූ අතරම මේ හේතුව නිසාවෙන් තරඟාවලිය ජයග්‍රහණය කිරීමටද විශාල වාසියක් ශ්‍රී ලංකාව සතුව තිබුණා.

විශේෂයෙන්ම තරඟාවලිය පුරාවටම විශිෂ්ට පන්දු යැවීමක් පෙන්නුම් කළ අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීමද එයට බෙහෙවින් උපකාර කළා. නමුත් නැවත වතාවක් අවාසනාවන්ත ලෙසින් අවසන් මහා තරඟය කොදෙව්වන් හමුවේ පරාජයට පත් වීම නිසාවෙන් නැවත වතාවක් අනුශූරයන් වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. කෙසේ වුවත් තරඟාවලිය පුරාවටම අජන්ත මෙන්ඩිස් දැක්වූ දක්ෂතා සුවිශේෂීයි. විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක වැඩිම කඩුලු ලාභියා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඉතිහාසයේ නම් වූ පළමු සහ එකම වතාව වන්නේද මෙයයි.

තරඟාවලිය පුරාවටම අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කළ ආකාරය

1 තරඟය සිම්බාබ්වේට එරෙහිව – 4/2/8/6
2 තරඟය දකුණු අප්‍රිකාවට එරෙහිව අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කරන්නෙ නෑ.
3 තරඟය නවසීලන්තයට එරෙහිව – 4/0/48/1
4 තරඟය කොදෙව්වන්ට එරෙහිව – 4/1/12/2
5 තරඟය එංගලන්තයට එරෙහිව – 4/0/40/0
6 තරඟය පාකිස්තානයට එරෙහිව – 4/0/27/2
7 තරඟය කොදෙව්වන්ට එරෙහිව – 4/0/12/4

2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තරඟ 2 ක හැරෙන්නට තමන් ක්‍රීඩා කළ අනෙක් තරඟ 4ම සුපිරි දක්ෂතා දැක්වීමට අජන්ත මෙන්ඩිස් සමත් වූවා. විශේෂයෙන්ම ඩිල්ශාන් සහ මහේල ශ්‍රී ලංකාව පරාජයට පත් වී තරඟාවලි බලාපොරොත්තු අවසන් වූ තරඟ ද්විත්වයේදීම අසාර්ථක වුවත් අජන්ත මෙන්ඩිස් 2012 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ සුපිරි පන්දු යැවීමක් සටහන් කළා. මෙය අදටත් සටහන් වන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයක සිදුවූ හොඳම පන්දු යැවීම ලෙසටයි. ඒ වගේම අජන්ත මෙන්ඩිස් අවසන් පූර්ව වටයේදී පාකිස්තානයට එරෙහිව ක්‍රියාත්මක කළ පන්දු යැවීමත් ප්‍රසංශනීය ලෙසින් නම් කළ හැකි වනවා. ඔහු තරඟාවලිය පුරාවට පන්දුවෙන් දැක්වූ දක්ෂතා මෙලෙස සාරාංශගත කළ හැකියි,

තරඟ – 6
ඉනිම – 6
කඩුලු – 15
කඩුල්ලක සාමාන්‍ය – 9.8
නිලකුණු පන්දුවාර – 3
පන්දුවාරයකට ලකුණු සාමාන්‍ය – 6.12

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top