[vc_row][vc_column][vc_column_text]
මේ වසරේ පැවැත්වීමට නියමිත 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉන්දීය සංවිධානයෙන් යුතුව ඩුබායි හීදී හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත වනවා. කොවිඩ් වසංගතය නිසා 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලානය 2021 වසර තෙක් කල් දැමුණා. මේ හේතුව නිසාවෙන් 2022 වර්ෂයේදීද විස්සයි විස්ස ලෝක කුසලානයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර අවසන්. 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවටයි.
2015 ලෝක කුසලාන සත්කාරකත්වයෙන් අනතුරුව ප්‍රධාන පිරිමි ICC තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියාව තම සත්කාරකත්වය 2022 දී ලබා දීමට නියමිත වන්නේ පළමු වතාවටයි. තරඟාවලිය 2022 ඔක්තෝබර් මස 16 වනදා සිට නොවැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් විස්සයි විස්ස ලෝක කුසලානය සංවිධානය කිරීමේදී ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විධායක අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කරන මයිකල් එන්රයිට් මෙලෙස තම අදහස් ප්‍රකාශ කොට සිටියා,
“ලෝකයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරඟ ඉසව්වක් සඳහා ලබන වසරේදී ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය ලබා දීම ඕස්ට්‍රේලියානු ජාතියේ එකමුතුකම ලොවට පෙන්වීමට හැකි අවස්ථාවක්. මෙය සමස්ථ රටටම නැවතත් ක්‍රීඩාව වින්දනය කළ හැකි මොහොතක් වේවි. මම 2015 ලෝක කුසලානය සහ 2019 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දුටුවා. මේ වගේ විශාල තරඟාවලියකදී මිනිසුන් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති උනන්දුව වැඩි කරගන්නවා. හැම වයසකම ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයට ඇවිල්ලා ඒ සංස්කෘතිය සහ ක්‍රිකට් ක්‍රීඩාව සැමරීම කියන දේ නැවත පටන් ගන්නකම් අපි නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා.”
2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 12 කෙලින්ම 2022 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගනු ඇති. ඒ අතරිනුත් 2021 ලෝක ශූරයා සහ අනුශූරයා මූලික වටයට කෙලින්ම සුදුසුකම් ලබා ගනිද්දී ඒ වනවිට මීළඟට ඉහළතම ශ්‍රේණිගත කිරීම් 6 රැඳී සිටින කණ්ඩායම් 6 මූලික වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිත වනවා. ඉන් අනතුරුව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයකින් පැමිණෙන කණ්ඩායම් 4ක් සහ පෙර කිවූ සුදුසුකම් ලැබීමේ කොන්දේසි වලින් මූලික වටයට එක් වීමට නොහැකි වූ නමුත් 2021 සුපිරි 12 වටයේ සිටි නිසා සුදුසුකම් ලැබූ ඉතිරි කණ්ඩායම් 4 මූලික වටයට සුදුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩා කරනවා ඇති. එය මේ වසරේ මෙන්ම කණ්ඩායම් 8 කින් සමන්විත වීමට නියමිත වනවා.
[/vc_column_text][/vc_column][/vc_row]