Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

2025 වසරේ මළල ක්‍රීඩා දින දර්ශනය ප්‍රකාශයට පත් කෙරේ

2025 වර්ෂය සදහා වන මළල ක්‍රීඩා දින දර්ශනය ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන වසරේ මළල ක්‍රීඩා දින දර්ශනය ආරම්භ වන්නේ ජනවාරි මස 11වනදා පැවැත්වෙන ජාතික රටහරහා දිවීමේ ශූරතාවලියෙනි.

ඉන් අනතුරුව පෙබරවාරි මස 8සහ 9 දින දෙක තුළදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අදාළ සහ ආසියානු 18න් පහළ තරගාවලියට අදාළ පළමු වටයේ තේරීම් තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අවසන් තේරීම් වටය මාර්තු මස 8 සහ 9 දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කොට ඇත.

64වන ජාතික කණිෂ්ඨ ශූරතාවලිය ජුනි මස 13 සිට 15 දක්වාද, 103 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය අගෝස්තු 1 සිට 3 දක්වාද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා වන අවසන් පුහුණු සැසිය ද වනු ඇත.

ජාත්‍යන්තර ක්‍රීඩා දිනදර්ශනය දෙස අවදානය යොමු කරන විට දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය අප්‍රේල් 5 සහ 6 දෙදින තුළ ඉන්දියාවේ රාන්චි හිදී ද, හයවන ආසියානු යොවුන් ශූරතාවලිය අප්‍රේල් මස 22 සිට 26 දක්වාද පැවැත්වෙයි.

26වන ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය මැයි 27සිට 31 දක්වා දකුණු කොරියාවේ දී ද, ලෝක සහය දිවීමේ ශූරතාවලිය මැයි 10 සහ 11 චීනයේදී ද පැවැත්වෙයි.

ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් මස දී උස්බෙකිස්තානයේද, 14 වන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස පාකිස්තානයේද පැවැත්වීමට නියමිතය.

මෙම සියලු තරග තොරතුරු සහ අනෙකුත් ක්‍රීඩා පුවත් දැනගන්න රැදී සිටින්න Ceylon Sports සමගින්

Back To Top