2023 ලෝක කුසලානයේ ලීග් අදියර අවසානයේ හොඳම කණ්ඩායම් හත සහ සත්කාරක පාකිස්තානය 2025 ICC ශූරයන් ගේ කුසලානයට තරඟ වදින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තහවුරු කොට ඇත. කණ්ඩායම් අටක් සහභාගි වන මෙම ඉසව්ව අවසන් වරට 2017 වසරේදී පැවැත්විණි. එවර ශූරයන් ලෙසින් කිරුලු දැරුවේ පාකිස්තාන කණ්ඩායමයි.2025 චැම්පියන්ස් කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රමය 2021 දී ICC මණ්ඩලය විසින් අනුමත කරන ලද්දකි.
” ICC පිරිමි ශූරයින්ගේ කුසලානය 2025 සඳහා සුදුසුකම් ලබනුයේ සත්කාරක පකිස්ථානය සහ ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් හතයි. මෙය 2021 නොවැම්බර් මාසයේදී ICC මණ්ඩලය විසින් අනුමත කරන ලදී” යනුවෙන් ICC ප්‍රකාශකයෙකු ESPNcricinfo වෙත සදහන් කොට ඇත.
2021 නොවැම්බර් මාසයේදී, ICC විසින් 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය කණ්ඩායම් අටක ඉසව්වක් වනු ඇති බවත්, තරඟාවලි ව්‍යුහය 2017 සංස්කරණයේ මෙන් කණ්ඩායම් හතරේ කාණ්ඩ දෙකක තරග, අවසන් පූර්ව තරග සහ අවසන් තරගයෙන් සමන්විත වනු ඇත.
ශූරයන්ගෙ කුසලානය සඳහා හොඳම කණ්ඩායම් හත ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමෙන් අදහස් වන්නේ බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ අයර්ලන්තය වැනි කණ්ඩායම් 2023 එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා නොකළ නිසාවෙන් ඔවුන්ට එම තරගාවලිය ද අහිමි වන බවයි.