23 න් පහළ අවසන් සටන අද සහ හෙට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා තරගය හෙට සහ අනිද්දා (මාර්තු මස 21 හා 22) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික තලයට පිවිසෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලෙන හොදම තරගකාරී අවස්ථාවක් ලෙස සැලකෙන මෙම තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ  කණ්ඩායම් 24ක් අතරේ පැවැති අතර, ඒ ඒ කාණ්ඩවල මුල් කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් පූර්ව වටයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ලකුණු අනුව පිළිවෙලින් එස්එස්සී පිල හා ටැමිල් යූනියන් පිල පරාජය කොට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙහිදී ‘සී’ කාණ්ඩයෙන් තරග වැදි මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු වටයේ තරග 4 කදී එක් පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් සමග අවසන් පූර්ව වටයට පිවිසි අතර, ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදි රාගම ක්‍රීඩා සමාජය මූලික වටයේ තරග 5 කදී පූර්ණ ජයග්‍රහණ 2 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් වටයට පිවිසි කණ්ඩායම් දෙකේම දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටින අතර, මෙම තරගාවලියේ ඔවූහූ කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණියහ. මුවර්ස් පිලේ ජනිස්ක පෙරේරා තරග 5කදී අර්ධ ශතක 2ක් සමග ලකුණු 266ක් ලබා සිටින අතර, දිනුක දිල්ෂාන් තරග 5කදී අර්ධ ශතක 3ක් සමග ලකුණු 248ක් ලබා සිටී. එමෙන්ම තුන් ඉරියව් දස්කම් දක්වන ඉම්තියාස් ස්ලාසා තරග 5කදී ශතකයක් සමග ලකුණු 192ක් හා ඔමේෂ් මෙන්ඩිස් තරග 4කදී අර්ධ ශතක 2ක් සමග ලකුණු 174ක් ලබා ඇත. ස්ලාසා මෙවර තරගාවලියේදී කඩුලු 23ක් බිදහෙලා සිටීම ද විශේෂත්වයකි.

මෙවර තරගාවලියේ පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් දෙදෙනාම මුවර්ස් හා රාගම යන ක්‍රීඩා සමාජ නියෝජනය කිරීම විශේෂත්වයකි. යාපනය මැදි විදුහලෙන් පිටියට පිවිසි තේෂාන් විතූෂාන් මෙවර තරගාවලියේ තරග 5කදී කඩුලු 29ක් හා ගල්කිස්ස සාන්ත තොමස් විදුහලෙන් බිහිවූ රාගම පිලේ ඩිලෝන් පීරිස් තරග 6කදී කඩුලු 29ක් බිදහෙලා සම තත්ත්වයේ පසුවෙති.

රගම පිලේ ස්ලාසා හා විතූෂාන් හැරුණුකොට තරගාවලිය පුරා කඩුලු 4කට වඩා බිදහෙලාගත් කිසිදු මුවර්ස් පන්දු යවන්නෙකු නැත. එහෙත් රාගම පිලේ කල්හාර සෙනවිරත්න කඩුලු 19ක්, අශාන් ප්‍රනාන්දු කඩුලු 11ක් හා ශෂික දුල්ෂාන් කඩුලු 10ක් බිදහෙලා සිටිති.

රාගම පිලේ පිතිකරුවන් අතර, ඉදිරියෙන්ම සිටින රන්මිත් ජයසේන තරග 6කදී ශතකයක් හා අර්ධ ශතක 2ක් සමග ලකුණු 338ක් ලබා ගෙන ඇත. ඔහුගේ වැඩිම ලකුණු ප්‍රමාණය 139ක් වේ. යොහාන් ලියනගේ තරග 6කදී ශතකයක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 331ක් ලබා සිටින අතර ඉනිමක වැඩිම ලකුණු ගණන නොදැවී 127කි. දුලාන් බණ්ඩාර අර්ධ ශතක 2ක් සමග ලකුණු 218ක්, ඩිලෝන් පීරිස්  අර්ධ ශතක 2ක් සමග ලකුණු 191 හා තෙවිදු දික්වැල්ල අර්ධ ශතක 2ක් සමග ලකුණු 179ක් ලබා සිටිති.

තරගාවලියේ ශූරතාව සඳහා ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 5 ක මුදලක්ද අනුශූරයින් සඳහා රුපියල් ලක්ෂ 3 ක මුදක්ද පිරිනැමෙනු ඇත. මීට අමතරව තරගාවලියේ වීරයා සඳහා රුපියල් ලක්ෂයක මුදලක්, දක්ෂතම පිතිකරුවා සහ පන්දු යවන්නා සඳහා රුපියල් 75,000 බැගින් සහ අවසන් මහ තරගයේ වීරයා සඳහා රුපියල් 50,000 ක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

 

 

මූවර්ස් ක්‍රීඩා සමාජ පිල – දිනුක දිල්ෂාන් (නායක), ජනිස්ක පෙරේරා, ඉම්තියාස් ස්ලාසාඔමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් සමාස්, ෂාකූර් රස්නි, රිසිර වීරසූරිය, රසීන් රමීන්, රිසිර වීරසූරිය, රසීන් රම්ලාන්, යසිත සමරරත්න, දේශාන් ගමගේ, සිසිත මදනායක, අබ්දූල් මජීඩ්, තේෂාන් විතූෂන්, උපේන්ද්‍ර වර්ණකුලසූරිය, රංජිත් කුමාර් නිව්ටන්, අශේන් සල්ගාදු, මොහොමඩ් යූසුප්, පැතුම් මලිත.

රාගම ක්‍රීඩා සමාජ පිල – ඩිලෝන් පීරිස් (නායක), කල්හාර සේනාරත්න, අශේන් ප්‍රනාන්දු,  රන්මිත් ජයසේන, ශෂික දුල්ෂාන්, ඒෂාන් මාලිංග, යොහාන් ලියනගේ , චමත් ගෝමස්, ලකිදු සචින්, නිපුන් මාලිංග, තරූෂ් දමින්ද, උනෙත් පීරිස්, අවිෂ්ක තරිදු, දුලාජ් බණ්ඩාර, ළහිරු දෙවටගේ, නුෂාල් ධර්මරත්න, තෙවිදු දික්වැල්ල,

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top