ආසියානු කුසලාන සුපිරි 4 වටයේ තරග කොළඹදීම

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් වටයට අදාළ තරග කොළඹ දී පැවැත්වෙන බවට නිවේදනය කොට ඇත. ඒ අනුව සුපිරි කණ්ඩායම් 4 වටය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. හෙට තරගය පාකිස්තානයේ ලාහෝර් හිදී පැවැත්වෙයි.

මීළඟ තරග සියල්ලම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ අනුව සුපිරි කණ්ඩායම් වටයේ තරග සැප්තැම්බර් 9,10,12,14 හා 15 යන දිනවලදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය සැප්තැම්බර් 17 වනදා කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනු ඇත. වර්ෂාව හේහේතුවෙන් මින් පෙර සුපිරි කණ්ඩායම් 4 වටය හම්බන්තොටට රැගෙන යාමේ සූදානමකින් පසුවිය.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top