[vc_row][vc_column][vc_column_text]55වන ආසියානු කායවර්ධන හා පිසික් තරගාවලිය පසුගිය සැප්තැම්බර් මස 1 වනදා ආරම්භ විය. නේපාලයේ කත්මණ්දු නුවරදී පැවති තරඟාවලියේදී ශ්රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ 5 වන ස්ථානයක් හිමිවිය. එම රිදී පදක්කම් යුගලයම දිනාගත්තේ ක්රීඩිකාවන් වීම මෙහිදී සුවිශේෂීය.
උදානි අමරසිංහ කාන්තා Sport physique අංශයේ 165cm කාණ්ඩයේ රිදී පදක්කමද, හශිනි හේවගේ කාන්තා Model Physique අංශයේ 165cm කාණ්ඩයේ රිදී පදක්කමද, වසීම් ස්ටීවන්පි රිමි Sport Physique අංශයේ 170 cm කාණ්ඩයේ පස්වන ස්ථානයද දිනාගැනීමට එහිදී සමත් විය.
කායවර්ධන සහ පිසික් තරගාවලි ඉතිහාසය දෙස බලන විට ලෝක ශූරතාවය මෙන්ම ආසියානු ශූරතාවය දිනාගැනීමට ලූශන් පුශ්පරාජ් සමත් වී ඇති අතර ස්පෝර්ට් පිසික්ස් අංශයේ 175cm කාණ්ඩයේ ලෝක ශූරතාවය හර්ශ ඩී. පීරිස් විසින්ද දිනාගෙන ඇත. එලෙසම පසුගිය දකුණු ආසියානු ක්රීඩා උලෙලේදී Sport Physique අංශය රන් පදක්කම Yoo Jin විසින්ද, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් කණ්ඩායම් ශූරතාවය තුන්වන ස්ථානය දිනා ගැනීමටද හැකිවිය.[/vc_column_text][/vc_column][/vc_row]