පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

නවසීලන්තය සමග පැවති පළමුව විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 135 ක් රැස්කළා.පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 3.3 කදී ලකුණු 20 කට කඩුලු තුනක් දවා ගත්තා.නුවන් තුෂාර,වනිදු හසරංග සහ මතීෂ පතිරණ අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19කදී කඩුලු 6 ක් දැවී ලකුණු 140 ක් රැස් කරමින්.නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35 යි.කුසල් ජනිත් පෙරේරා සහ කමිදු මෙන්ඩිස් ලකුණු විසිතුන බැගින් රැස්කළා.

තරගාවලියේ දෙවැනි 20/20 තරඟය හෙට පැවැත්වෙනවා.

Back To Top