ශ්‍රී ලංකාවට තවත් පරාජයක් අත් කර දෙමින් නවසීලන්ත තරගාවලිය සම කරයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා- නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙ දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට කේන් විලියම්සන් ඇතුලු නවසීලන්ත පිල සමත් විය. තරගාවලිය 1-1ක් ලෙස සමකරගත් නවසීලන්ත පිලද ප්‍රසාද ලකුණු 60ක් ටෙස්ට් ශූරතාවයේ තම නම ඉදිරියෙන් සටහන් කරගත්තේය.

පිට පිටම 26වන තරගයත් ප්‍රථිපලයකින් යුතුව අවසන් වීම ලෝක වාර්තාවක් වූ අතර 2010 සිට අවසන් වරට සරා ඕවල් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කල තරග 8න් 6ක්ම පරාජයට පත් වීම විශේෂ කරුණක් විය.

10.15ට පමණ ආරම්භ කරන ලද පස්වන සහ අවසාන දිනය වූ අද පිටියට පැමිණි නවසීලන්ත පිතිකරු යුගලය වූ බී. ජේ වොට්ලින් සහ කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් සිව්වන දිනය නිමාවන විට සාර්ථකව පිතිකරණයේ යෙදී සිටි අතර පිලිවෙලින් ලකුණු 81ක් සහ 83ක් රැස් කරගෙන සිටියේය. දිනය ආරම්භ වන විට නවසිලන්ත ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 382ක් ලෙස දැක්වූ අතර ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 138ක වාසියක් ලබා සිටියේය.

අද දිනයේ දෙවන පන්දු වාරයෙන්ම ලකුණු 83ක් රැස් කරගෙන සිටි කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් ව දවාගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුනේය.ඉන් පසු බී. ජේ වොට්ලින් හා එක් වුනු ටිම් සවුති ආක්‍රමණශීලී පිතිකරණ විලාශයක් පෙන්නුම් කරමින් ලකුණු 24ක් රැස් කල අතර බී. ජේ වොට්ලින් සිය හත්වන ශතකය ලබාගත්තේය. ලකුණු පුවරුව 431 වනවාත් සමගම ඉනිම අත් හිටුවීමට නවසීලන්ත තීරණය කල අතර ලකුණු 187ක් ශ්‍රී ලංකාව පසුපසින් සිටියේය.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර අනූවක් පමණ පිතිකරණයේ යෙදිය යුතුව තිබුනි. තරමක අභියෝගයක් වූ එයට මුහුණ දීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ කුසල් ජනිත් පෙරේර සහ ලහිරු තිරිමාන්නයි. නායක දිමුත් කරුණාරත්න සිව්වන දිනයේ සුලු ආබාධයක් නිසා පන්දු රැකේමෙන් වැළකී හිටි සෙයින් අද දින ආරම්භ පිතිකරු ලෙස පිටියට ඒමට නොහැකි විය.

කඩුල්ල ආරක්ෂා කරගනිමින් ක්‍රීඩා කල යුතුම අවස්ථාවක ආරම්භ පිතිකරුවන් දෙදෙනාම පළමු පන්දුවාර තුන ඇතුලත සිය කඩුල්ල පූජා කර නැවත ක්‍රීඩාගාරය බලා ගියේ ශ්‍රී ලංකාව ඉතා අසීරු අවස්ථාවකට ඇද දමමිනි. ලහිරු තිරිමාන්න අනවශ්‍ය ලකුණක් කරා දිව යෑමට ගොස් සිය කඩුල්ල පූජා කල අතර කුසල් ජනිත් පෙරේර අනවශ්‍ය කට් පහටකට යෑමේදි ඔහුගේ කඩුල්ල දවාගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් විය.

ඉන්පසු පිටියේ එක්වුනු ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස්ට වැඩි වෙලා කඩුල්ලේ රැඳී සීටිමට ඉඩ නොදුන් නවසීලන්ත පන්දු යවන්නන් දිගින් දිගටම ඉතා හොඳ දෝලනයක් සහ සංයමයකින් යුතුව පන්දු යවමින් පීඩනය එල්ල කලේය. දිනයේ පළමු පන්දුවාරය දියත් කල කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමත් සමග නවසීලන්තය ට තරගය ජයග්‍රහණය සඳහා අවස්ථාවක් උදා විය.

පළමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේද අසාර්ථක වු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7කට දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 11-3ක් බවට පත් කරමිනි. පළමු ඉනිමේ ශතක ලාභියා වූ ධනංජය සිල්වා කුසල් මෙන්ඩිස් එක් වුනු අතර ඔවුන් දෙදෙනාටද කඩුල්ල ආරක්ශා කරගනිමින් ක්‍රිඩා කිරීමට ඉඩ නොදුන් නවසීලන්ත පන්දු යවන්නන් ධනංජය ගේ ඉනිම එක් ලකුණකට සීමා කලේය.

ලකුණු 21-4ක් ලෙස දිස් වුනු ලකුණු පුවරුව කෙමෙන් කෙමෙන් නවසීලන්ත ජයග්‍රහණය කරා ඇදී ගිය අතර පස් වෙනි කඩුල්ල සඳහා තවත් ලකුණු 11ක් එකතු වෙද්දී යම් තාක් දුරට හොඳින් පහර දුන් කුසල් මෙන්ඩිස් විලියම් සමර්විල්ගේ විශිෂ්ට පන්දුවක් හමුවේ ලකුණු 20කට දැවී ගියේය.

ඉන් පසු පිටියේ එක් වුනු නායක දිමුත් කරුණාරත්න සහ නිරෝශන් දික්වැල්ල පන්දු තෝරා බේරාගෙන මනා සංයමයකින් යුතුව කඩුල්ල දහවල් ආහාර විවේකය තෙක් ආරක්ශා කරගත්තේය.

තවත් පැය 4ක පමණ කාල සීමවක් කඩුලු 5ක් ආරක්ශා කරගැනීමට ශ්‍රී ලංකා පිලට තිබුනු අතර දහවල් ආහාර විවේකයෙන් වැඩි වේලා යාමට මත්තෙන් දිමුත් කරුණාරත්න දවා ගැනීමට ටිම් සවුතී සමත් වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමෙනිེ. දිමුත් කරුණාරත්න ලකුණු 21ක් රැස් කල අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව 73-6 ක් ලෙස දිස් විය.

පසුපෙල පිතිකරුවන් හා එක් වුනු නිරෝශන් දික්වැල්ල හැකි උපරිමයෙන් කඩුල්ල ආරක්ශා කරගෙන ක්‍රීඩා කිරීමට උත්සාහ කලද අනෙක් අන්තයෙන් එයට අවශ්‍ය සහය ලබාගැනීමය ඔහු අපොහොසත් විය.

දිල්රුවන් පෙරේර ලකුණු නොලබා දැවී යද්දී සුරංග ලක්මාල් පන්දු 45ක් සිය කඩුල්ල ආරක්ශා කරගනිමින් යම් සහයක් ලබා දුන්නේය. ඔහු දැවී යන විට කඩුලු 8කට ලකුණු 115ක් ලෙස දිස් වූ අතර නවසීලන්තයට ජයග්‍රහණය පෙනන මානයේ විය.

ඉතාමත් වගකීමකින් යුතුව සිය සුපුරුදු ආක්‍රමණශීලී පිතිකරණ විලාශයෙන් බැහැරව සිය වගකීම අකුරට ඉටු කල නිරෝශන් දික්වැල්ල පන්දු 161ක් පුරා සිය කඩුල්ල ආරක්ශා කරගනිමින් නවසීලන්ත පිලය ජයග්‍රහණය හැකි තරම් ඈතට රැගෙන ගිය අතර සිය 13වන ටෙස්ට් අර්ධ ශතකයද ලබාගත්තේය. ඉතා අගනා ඉනිමක් ක්‍රිඩා කර ලකුණු 51ක් රැස් කල නිරෝශන් දික්වැල්ල අජාස් පටෙල්ගේ පන්දුවක් හමුවේ දැවී යනවාත් සමගම නවසීලන්ත ජයග්‍රහණය තහවුරු වූ අතර අවසාන කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 5කට දැවී ගොස් නවසීලන්ත පිලට ඉනිමක සහ ලකුණු 65ක විශිෂ්ට ජයක් ලබාගැනීමට හැකි විය.

නායක කේන් විලියම්සන් පිතිකරණයෙන් අසාර්ථක වුවද නායකත්වය කාර්යය ඉතා හොඳින් කල අතර පන්දු යවනන්න් සියල්ලම පාහේ දක්ෂ පන්දු යැවීමක නිරත විය. ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුතී, විලියම් සමර්විල් සහ අජාස් පටෙල් කඩුලු දෙක බැගින් ලබා ගනිද්දී තුන් ඉරිය්වස් දස්කම් පෙන්වූ කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් එක් කඩුල්ලක් ලබාගත්තේය.

වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූවත් තරගය ජය පරාජයෙන් හෝ තොරව අවසන් කර ගැනීමට නොහැකි වීම කණස්සල්ලට කරුණක් වූ අතර තිරිමාන්න, ඇන්ජලෝ, කුසල් ජනිත් තරගය පුරාම අසාර්ථක වීම පරාජයට බෙහෙවින් ඉහවල් විය.

ටොම් ලැතම් තරගයේ වීරයා වූ අතර තරගාවලියේ වීරයා ලෙස බී. ජේ වොට්ලින් සම්මාන ලැබීය[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top