[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 1 දා සිට 10 වන දා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර හා පොක්හාරා කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
1984 දී නේපාලයේදී ප්‍රථම වරට ආරම්භ වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැතහොත් සාග් (SAG) 1999 වසරේ දීද නේපාලය කේන්ද්‍රකොට ගෙන පැවති අතර මේ අනුව වසර විස්සකට පසු නැවතත් නේපාලයට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවස්ථාව උදාවී ඇත.
තරගාවලිය ආරම්භ වීමට කලින් සැලසුම් කොට දින යොදා තිබුණේ මාර්තු මස 9 වනදා සිට 18 වනතෙක් වන අතර නමුත් පොක්හාරා හි ‘රංගසාලා’ ක්‍රීඩාංගණය නියමිත පරිදි අළුත්වැඩියා කටයුතු නිමකර ගැනීමට නොහැකි වූ බැවින් තරගාවලිය දෙසැම්බර් දක්වා කල් දැමීමට සංවිධායකයෝ තීරණය කරන ලදි.
මෙවර තරගාවලිය සදකා ක්‍රීඩා ඉසව් 28 ක් පැවැත්වීමට තීරණය කර ඇති අතර වසර 9ට පසු ව ක්‍රිකට් ද සාග් තරගාවලියට ඇතුළත්ව ඇත.. අවසන් වරට 2010 වසරේදී පැවති තරගාවලියේදී වයස අවුරුදු 21න් පහළ 20-20 ක්‍රිකට් තරගාවලියක් අන්තර්ගතව තිබූ අතර මෙම තරගාවලියේ රන් පදක්කම බංගලාදේශය විසිනුත් අනුශූරතාව ශ්‍රී ලංකාවත් හිමි කර ගැනීමට සමත් විය.. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියන්ජන් විසින් දැරූ අතර කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් , ඩිල්ශාන් මුණවීර ,ළහිරු තිරිමාන්න අන්තර්ගත විය..
අවසන් තරගයේදී ළකුණු 6කින් බංග්ලාදේශය ඉදිරියේ පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවිය.. එවර ඉන්දීය කණ්ඩායමක් ක්‍රිකට් සදහා සහභාගි නොකිරිණි.
මෙවර තරගාවලියේ ක්‍රිකට් වලට අමතරව ගොල්ෆ් හා කරාතේ අන්තර්ගත කිරීමට නේපාල සංවිධායකයන් තීරණය කොට ඇත.
තරගාවලියේ මෙතෙක් ශ්‍රී ලංකාවේ දස්කම් පිළිබඳව මීළගට බලාපොරොත්තු වන්න.
– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]