සාග් පෙර දැක්ම 02 – 1985 දෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඩකා

[vc_row][vc_column][vc_column_text]1984 වර්ෂයේ දී කත්මන්ඩු නුවරදී ආරම්භ වූ පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන දිගහැරුම ලෙස බංගලාදේශයේ ඩකා හිදී 1985 දෙසැම්බර් මස 20 වන දා සිට 26 වන දා දක්වා දෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වුණි..

සුපුරුදු පරිදි රටවල් 7ක සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම තරගාවලි සඳහා පළමු සාග් (SAG) ක්‍රීඩා උළෙලට අයත්ව නොතිබුණු ක්‍රීඩා ඉසව් දෙකක් අලුතින් එකතු වීම සිදු විය..

එම ක්‍රීඩා ඉසව් දෙක වන්නේ කබඩි හා මල්ලව පොර යන ක්‍රීඩා ඉසව් දෙක වේ.

මීට අමතරව සුපුරුදු පරිදි මලල ක්‍රීඩා , බොක්සිං , පාපන්දු , පිහිනුම් හා බර ඉසිලීම ද ක්‍රීඩා තරගාවලිය තුළ අන්තර්ගතව තිබුණි.

පසුගිය තරඟාවලියේදී පදක්කම් 185 ක් රටවල් 7 තුළ බෙදී ගිය අතර මෙවර තරගාවලිය මුළු පදක්කම් සංඛ්‍යාව 284 දක්වා ඉහළ ගොස් තිබුණි.

සුපුරුදු පරිදි රන් පදක්කම් 61ක් රිදී පදක්කම් 32ක් හා ලෝකඩ පදක්කම් 14ක් සමගින් මුළු පදක්කම් 107ක් දිනා ගත් ඉන්දියාවෙ පළමු ස්ථානයට පත් විය.පළමු දකුණු වශයෙන් ක්‍රීඩාවේ තෙවන ස්ථානයට පත් වූ පාකිස්තානය රන් පදක්කම් 21ක් සමගින් මේවර තරගාවලියේ දෙවන ස්ථානයට පත් වූ අතර සත්කාරක බංග්ලාදේශය රන් පදක්කම් 9ක් දිනා ගනිමින් තෙවන ස්ථානයට පත්වීම තරඟාවලියෙන් සුවිශේෂීම සිදුවීමක් බවට පත් විය..

පළමු තරගාවලියේදී ඉන්දියාවට පමණක් දෙවන තැනට පත් වූ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ රන් පදක්කම් 2ක් පමණක් හිමිකර ගනිමින් තරඟාවලියේ සිව්වන ස්ථානයට පත්වීම කණගාටුදායක සිදුවීමක් බවට පත්විය..

-චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top