[vc_row][vc_column][vc_column_text]27වන වෙළඳ සේවා සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල පැවෙත්වෙන අතරතරඟාවලියේ සිව්වන තරඟ දිනය වූ අද කණ්ඩායම් හතක් අතරින් කණ්ඩායම් 6ක් සහභාගීවෙමින් කොලඹ ක්‍රීඩාංගණ තුනකදී පැවත්විනි.
සම්පත් බැංකු කණ්ඩායම vs 19න් පහළ ජාතික කණ්ඩායම
මෙම තරගාවලියේ වටිනාම සහ හොඳම ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්ගේ අති විශිෂ්ට ශතකය නිසා ලකුණු 110ක දැවන්ත ජයක් සම්පත් බැංකු කණ්ඩායම හිමිකර ගැනීමට සමත් විය.
තරගාවලියේ ඉහලම ලකුණු ප්‍රමාණය වාර්තා කල සම්පත් බැංකු කණ්ඩායම ලකුණු 334ක් රැස් කල අතර එයට පිලිතුරු ලෙස 19න් පහළකණ්ඩායම පන්දුවාර 22.3කදී ලකුණු 126ක් රෑ කරමින් සිටියදී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල විය.
ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 110ක් ඉදිරියෙන් සිටි සම්පත් බැංකු කණ්ඩායම පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.
ලකුණු සටහන
සම්පත් බැංකු – 334/8 (50)
ජීවන් මෙන්ඩිස් 122, සමීන් කඳනආරච්චි 75, හසන්ත ප්‍රනාන්දු 38, රොමේශ් ද සිල්වා 33
අමාශි ද සිල්වා 3/66 චමිදු විජේසිංහ 2/49, චමිදු වික්‍රමසිංහ 3/52
19න් පහළ කණ්ඩායම – 122/6 (22.3)
තවීශ අභිශේක් 57, සොනාල් දිනූශ 40
දුශ්මන්ත චමීර 2/11 , තරිඳු කෞශාල් 2/13
මලින්ද පුශ්පකුමාර 2/42
මාස් හෝල්ඩින්ස් vs LB ෆයිනෑන්ස්
අයහපත් කාලගුණය නිසා අත හැර දැමූ හතරවන තරගය ලෙසින් මෙම තරගයද තරගය අතරවාරයේ අත හැර දැමීමට සිදු වුනි.
කාසියේ වාසියා දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට LB ෆයිනෑන්ස් කණ්ඩායම තීරණය කල අතර එම ආරාධනය පිලිගනිමින් පන්දුවට පහර දුන්මාස් හෝල්ඩින්ස් කණ්සායම පන්දුවාර 48කදී සියලු දෙනා දැවී ලකුණු 228ක් රෑ කිරිමට සමත් විය.
එයාට මහේල උඩවත්ත සහ ප්‍රියමාල් පෙරේරා ලබා දුන් දායකත්වය කැපී පෙනුනි.
පිලිතුරු ඉනිම ක්‍රීඩකල LB ෆයිනෑන්ස් කණ්ඩායම වර්ෂාව තරගයට හරස් වන විට පන්දුවාර 15යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 69ක්රැස් කරගෙන සිටියේය.
ලකුණු සටහන
මාස් හෝල්ඩින්ස් – 229( 48)
මහේල උඩවත්ත 65 , ප්‍රියමාල් පෙරේරා 48, ලහිරු මධුසංඛ 30
චතුරංග කුමාර 3/33 ශිරාන් ප්‍රනාන්දු 2/28
චරිත් අසලංක 2/31 , ධනංජය ද සිල්වා 2/50
LB ෆයිනෑන්ස් – 69/4 (15.3)
ලහිරු උදාර 22 , ලහිරු මධුසංඛ 3/15
හේලිස් vs ඩීමෝ
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට හේලිස් කණ්ඩායමසමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හේලිස් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 289ක් තම කණ්ඩායම ඉදිරියෙන් සටහන් කිරීමට සමත්වූ අතර කණ්ඩායම වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත සහ් සචිත්ර සේනානායක අර්ධ ශතක වාර්තා කිරිමට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඩිමෝ කණ්ඩායම පන්දුවාර 25ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 113ක් රැස් කරගෙන සිටියේය.
ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19ක් ඉදිරියෙන් සිටි හේලිස් කණ්ඩායමට ජය හිමි විය.
ලකුණු සටහන
හේලිස් කණ්ඩායම – 289/5 (50)
රොන් චන්ද්‍රගුප්ත 84*, සචිත්ර සේනානායක 70, කිතෘවන් විතානගේ 50, මධුරංග සිල්වා 34, ලහිරු තිරිමාන්න 20
ඩිමෝ – 113/3 (25)
හශාන් දුමිදු 57*, දිනේශ් චන්දිමාල් 39[/vc_column_text][/vc_column][/vc_row]