මැතිව්ස්ට ඉහලම කොන්ත්‍රාත්තු වටිනාකම හිමි වෙද්දී උපුල් තරංගට ක්‍රිකට් ගිවිසුම අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]මෙම වසරේ නොවැම්බර් මස සිට ලබන වසරේ දෙසැම්බර් මස දක්වා මාස 14ක කාල සීමාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගතක්‍රීඩකයන්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තු වටිනාකම් නැවත අලුත් කර ඇති අතර එය A,B,C,D සහ ප්‍රාථමික ලෙස කාණ්ඩ 5කට වර්ග කර ඇත.

මේ අනුව ගිවිසුමේ ඉහලම වටිනාකම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වෙද්දී උපුල් තරංග, අසේල ගුණරත්න, භානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස්, පැතුම් නිස්සංක වැනි ක්‍රීඩකයන් ප්‍රධාන ගිවිසුමට එක් කර නොගැනීම විශේෂ කරුණකි.

ගිවිසුම්ගත ක්‍රීඩකයන් සහ වටිනාකම්.

A කාණ්ඩය ( ක්‍රීඩකයන් 5ක්)

$130000- ඇන්ජලෝ මැතිව්ස්

$100000- දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්

$80000- දිනේශ් චන්දිමාල්

$70000- ලසිත් මාලිංග

B කාණ්ඩය ( ක්‍රීඩකයන් 5ක්)

$70000- කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්

$52500 -නිරෝශන් දික්වැල්ල, ධනංජය ද සිල්වා

$50000- දිලෘවන් පෙරේර

C කාණ්ඩය ( ක්‍රීඩකයන් 3ක්)

$50000 – නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා

$35000 – ලහිරු තිරිමාන්න

D කාණ්ඩය – ( ක්‍රීඩකයන් 10ක්)

$50000 – අකිල ධනංජය

$40000 – ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන,

$35000 – ලහිරු කුමාර, ධනුශ්ක ගුණතිලක

$30000 – දුශ්මන්ත චමීර, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක

$25000 – රොශේන් සිල්වා, විශ්ව ප්‍රනාන්දු

ප්‍රාථමික කාණ්ඩය ( ක්‍රීඩකයන් 11ක් )

$25000 – වනිදු හසරංග

$20000 – සදීර සමරවික්‍රම, ඕශධ ප්‍රනාන්දු, අමිල අපොන්සු, ඇන්ජලෝ පෙරේරා , කසුන් රාජිත, ශෙහාන් ජයසූරිය, ලසිත් ඇඹුල්දෙණිය

$15000 – ජෙෆ්‍රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න

ශ්‍රී ලංකා A කණ්ඩායමේ, නැගී එන කණ්ඩායමේ ඉතා හොඳ දක්ෂතා පෙන්වමින් සිටින කමිදු මෙන්ඩිස් හට ක්‍රීඩක කොන්ත්‍රාත්තුවක් ලබානොදීම ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්වී ඇත.

මීට අමතරව අශාන් ප්‍රියන්ජන් හටද ක්‍රීඩක කොන්ත්‍රාත්තුව මෙවර අහිමී ඇත.

මෙමම නොවැම්බර් මස සිට පළමු පෙල තරගයකදී ක්‍රීඩකයෙක් සඳහා ගෙවන තරග ගාස්තුව වූ රු 7500 මුදලද මෙවර රුපියල් 12000 දක්වා වැඩි වී ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top