පළමු තරඟයෙන් ඔස්ටේලියාවට ලකුණු 134ක විශිෂ්ඨ ජයක්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 134ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ආරන් ෆින්ච්ඇතුලු ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය.

දිවා තරඟයක් ලෙස පැවති මෙම තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා ලසිත් මාලිංග ප්‍රථමයෙන් පන්දි යැවීමට තීරණයකලේය.

සංචිතයට නම් කල ක්‍රීඩකයන් අතරින් උප නායක නිරෝශන් දික්වැල්ල, ශෙහාන් ජයසූරිය, ඉසුරු උදානට සහ අවිශක ප්‍රනාන්දු හට අදතරඟයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැනුනු අතර ඔස්ට්‍රේලියානු කණ්ඩාය ඩේවිඩ් වෝනර්, ආරන් ෆින්ච්, ස්ටීව් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් වැනි ප්‍රභල ක්‍රීඩකයන් රැසකගින් සමන්විත විය.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි නායක ආරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් ආරම්භයේ සිටම ක්‍රීඩාංගණය පුරාපහරවල් එල්ල කරමින් විශාල පීඩනයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ල කිරීමට සමත් විය.

ආරම්භයේ සිටම කසුන් රාජිත දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර පවර් ප්ලේ පන්දුවාර 5 අවසානයේ ලකුණු 52ක් කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කර ගැනීමට සමත් විය.

ප්‍රථම කඩුල්ලට දැවැන්ත සහ වේගවත් ලකුණු 122ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මෙම දෙපල ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුවට කදිමආරම්භයක් ලබා දුන්නේය.

පන්දු 36කදී ලකුණු 64ක් රැස් කල ආරන් ෆින්ච් කුසල් මෙන්ඩිස් හට උඩ පන්දුවක් ලබාදී දැවීගියේය.

ඔහුගේ ඉනිමට හතරේ පහරවල් අටක් සහ හයේ පහරවල් තුනක් ඇතුලත් විය.

අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි ග්ලෙන් මැක්ස්වෙල් ද තිබූ රිද්මට මනා ලෙස පවත්වාගෙන යමින් ඇඩිලේඩ් පිටිය වර්ණවත් කරමින්පිටිය සිසාරා පහර එල්ල කලේය.

ඩේවිඩ් වෝනර්ගේ සහ ග්ලෙන් මැක්ස්වෙල් ගේ වමත් දකුණත් පිතකරණ සංයෝගයෙන් හැඩ වූ ඔස්ට්‍රේලියානු ඉනිමේ මැද භාගය ශ්‍රී ලංකාපන්දු යවන්නන්ට කිසිදු අස්වැසිල්ලක් ලබා නොදෙමින් දිගින් දිගටම ලකුණු වේගය වැඩි කරමින් ලකුණු රැස් කරන්න විට.

පන්දුවරා 15 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකරුවන් සමත් විය.

පන්දු 28කදී ඉතා වේගවත් ඉනිමක් ක්‍රීඩා කල ග්ලෙන් මැක්ස්වෙල ශ්‍රී ලංකා පන්දුයවන්නගෙන් ලකුණු 62ක් උදුරාගත්තේ ඔස්ට්‍රේලියානු ඉනිමලකුණු 220 සීමාවට රැගෙන එමිනි.

අළු බඳුන ටෙස්ට් තරඟාවලිය පුරාම අසාර්ථක වූ ඩේවිඩ් වෝනර් සිය අසාර්ථක රිද්මයට තිත තබමින් විශිෂ්ඨ ශතකයක් වාර්තා කිරීමටසමත් වුනේ ඔස්ට්‍රේලියානු ඉනිම පුරා නොදැවී සිටිමිනි.

Photo Album    

ආරන් ෆින්ච්, ග්ලෙන් මැක්ස්වෙල් ගේ අර්ධ ශතක දෙකෙන් සහ ඩේවිඩ් වෝනර් ගේ ශතකයෙන් වර්ණවත් වූ ඔස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර20 අවසානයේ දැවැන්ත ලකුණු 231ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදි කසුන් රාජිත සිය ක්‍රිකට් දිවියේ අමිහිරිතම අත්දැකීමට මුහුණ දෙමින් සිය පන්දුවාර 4 තුල ලකුණු 75ක් ලබා දුන්නේ විස්සයිවිස්ස ජාත්‍යන්තර පිටියේ දුර්වලම පන්දු යැවීමට හිමි අමිහිරි වාර්තාව තමන් සත කරගනිමිනි.

ලකුණු 232ක දැවැන්ත අසීරු ඉලක්කය හඹායෑමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල වූ කුසල් මෙන්ඩිස් හට ධනුශ්කගුණතිලකට තමන්ට අවශ්‍ය ආරම්භය ලබා ගැනීමට ඉඩ නොදුන් ඔස්ට්‍රේලියනු ආරම්භක පන්දු යවන්නා වූ මිචෙල් ස්ටාක් ප්‍රථමපන්දුවාරයෙන්ම කුසල් මෙන්ඩිස්ට ලකුණු රැස් කිරීමට ඉඩ ලබා නොදෙමින් ක්‍රීඩා ගාරයට හරවා යැවීය.

ඉන් ආරම්භ වුනු ඔස්ට්‍රේලියානු පන්දු යවනන්න්ගේ ශ්‍රී ලංකා කඩුලු දඩයම නිසා පකිස්ථාන සංචාරයේ සාර්ථක පිතිකරුවන් වූ ධනුශ්කගුණතිලක, භානුක රාජපක්ෂ , ඕශධ ප්‍රනාන්දු යන කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.

කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු විස්සේ සීමාව පවා පසු කිරීමට ඉඩ හසර ලබා නොදුන් ස්ටාක්, කමින්ස් ඇතුලු ඔස්ට්‍රේලියානු පන්දුයවන බළ ඇනිය තරගය පුරාම සිය ආධිපත්‍යය තහවුරු කිරීමට සමත් විය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 16ක් දසුන් ශානක ලකුණු 17ක් සහ නායක ලසිත් මාලිංග ලකුණු 13ක් සහ ඕශධ ප්‍රනාන්දු ලකුණු 13රැස්කලේය.

පන්දු යැවීමේදි සියල්ලන්ම පාහේ නිසි එල්ලයට සහ නිසි ස්ථානයන්ට පන්දු යොමු කරමින් ලකුණු රැස් කිරීම ඉතා අපහසු කටයුත්තල් බවටපත් කලෙය.

ඇඩ්ම් සම්පා කඩුලු 3ක් සහ පැට් කමින්ස් මිචෙල් ස්ටාක් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත් විය. ඇශ්ටන් ආගර් එක් කඩුල්ලක්දවාගත්තේය.

තරඟාවලියේ සෙසු තරඟ දෙකම ශ්‍රී ලංකාව්ව්ට ජයග්‍රහණය කිරීමට අත්‍යවශ්‍ය වන අතර එම තරග දෙක පිලිවෙලින් ඔක්තෝබර් 30 සහනොවැම්බර් 01 දින බ්‍රිස්බේන් සහ මෙල්බර්න් හිදී පැවත්වීමට නියමිතය.

ලකුණු සටහන.

ඔස්ට්‍රේලියාව – 231-2 (20

ඩේවිඩ් වෝනර් 100, ආරන් ෆින්ච් 64, ග්ලෙන් මැක්ස්වෙල් 62

දසුන් ශානක 1/10 , ලක්ෂාන් සඳකැන් 1/41

ශ්‍රී ලංකාව 99/9 ( 20)

දසුන් ශානක 17,කුසල් පෙරේර 16, ඕශධ ප්‍රනාන්දු 13,

ඇඩම් සම්පා 3/ 14 , මිචෙල් ස්ටාක් 2/18, පැට් කමින්ස් 2/27

Photo Album     English Article[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top