IPL සදහා නැවුම් මුහුණුවරක්

IPL තරගාවලිය  නැතහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අලුත් ආකාරයක සංකල්පයක් එක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කරලා තියනවා.
ඒ තමයි  Game-changer ‘Power Player’  ලෙසට කඩුල්ලක් දැවී යාමෙන් පසුව හෝ පන්දුවාරයක් අවසානයේදී එක් සුවිශේෂී ක්‍රීඩකයෙකු හට ක්‍රීඩා කිරීමට ඉඩ අවස්ථාව ලබාදීමයි.
මේකෙදි වෙන්නේ මෙහෙමයි..
කණ්ඩායමක් ලෙසට නම් කරන්නේ 11 දෙනෙක් නෙමෙයි..11 දෙනෙකු වෙනුවට 15 දෙනෙකු නම් කරනවා.. තරඟයේ ඕනෑම අවස්ථාවක දී ( කඩුල්ලක් දැවී ගියහොත් හරි පන්දුවාරයක් අවසානයේදී ) අර නම් කරන ලද 15 දෙනා ඇතුළත ඉන්න ඕනැම ක්‍රීඩකයෙකුට ඇවිල්ලා ක්‍රීඩා කරන්න පුළුවන්…ඒ යම් සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා නම් කණ්ඩායමේ නායකයගේ උවනාවකට.
 උදාහරණයක් විදියට අවසන් පන්දුවාර දී ලකුණු 15ක් අවශ්‍ය වෙලා තියෙන වෙලාවක යම් ආබාධිත තත්වයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම තරගයක් ක්‍රීඩා කළ නොහැකිව මුල් 11 දෙනා අතර නොසිටි ඇන්ඩෲ රසල් හට 19 වන පන්දුවාරය අවසානයේ පිටියට ඇවිත් අවසන් පන්දුවාරයට පමණක් මුහුණ දෙන්න පුළුවන්…
ඒ වගේම පන්දු යවන්නෙකු විදියට ගත්තොත් අවසන් පන්දුවාරයේදී ළකුණු 6ක් සීමා කිරීමට සම්පූර්ණ ශාරීරික සුවතාවය නොමැති  නිසා එම තරගය ක්‍රීඩා නොකළ ජස්ප්‍රිට් බුම්රාට 19 වන පන්දුවාරය අවසන් උනාම  ඇවිත් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරන්න පුළුවන්….
 මේ සංකල්පය පළමු වරට මුෂ්ඨාක් අලි කුසලාන තරගාවලියේ දී පළමු වරට අත්හදා බැලීමට නියමිත අතර එහිදී සාර්ථක වුවහොත් IPL මීළඟ තරගවලියේ සිට මෙය ක්‍රියාත්මක වනු ඇත.
Back To Top