මෙන්ඩිස්ගේ ලෝක වාර්තාව චහාර් සතු කරගනිමින් ඉන්දියාව තරගාවලි ජයක් ලබයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර තීරණාත්මක තෙවන හා අවසන් විස්සයි විස්ස තරඟය අද නාග්පූර්හීදී පැවැත්වුණි. ප්‍රථම තරගයේ ජයග්‍රහණය බංගලාදේශයට හිමිවූ අතර දෙවන තරඟය ඉන්දියාව ජයගත් හෙයින් අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට තරඟාවලි ජයග්‍රහණය හිමිවීමට නියමිතව තිබුණි.

මෙම තීරණාත්මක තරගයේ කාසිය වාසිය දිනාගත් බංගලාදේශ නායක මහමදුල්ලා රියාද් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුනි.එම තීරණයට සාධාරණයක් සිදු කරමින් නායක රෝහිත් ළකුණු 2කට හා ශිකර් ධවාන් ළකුණු 19කට දවාගැනීමට බංගලදේශ පන්දු යවනන් සමත් විය.

නමුත් ඉන් අනතුරුව පිටියට එක්වූ රාහුල් හා ශ්‍රේයස් අයියර් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාව එක් කිරීමට සමත්විය.මෙහිදී රාහුල් ළකුණු 52ක් ලබාහත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ අයියර් පන්දු 33කදී ළකුණු 62ක් ලබාගැනීමට සමත්විය..තරඟය අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ මනේෂ් පාන්ඩේ වේගවත් ලකුණු විසිදෙකක් ලබා ගත් අතර මේ අනුව ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 174 ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සර්කාර් කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 175ක් ජයග්‍රහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම් ප්‍රථම කඩුලු දෙක ලකුණු 12 ක් තුළ බිඳවැටුණු අතර අනතුරුව පිටියට එක්වූ මොහොමඩ් නයීම් හා මොහොමඩ් මිතූන් පන්දුවාර 10කදී ළකුණු 98ක් ලබා ගනිමින් බංග්ලාදේශය ජයග්‍රහණය වෙත ලගා කරවීමට සමත්විය.මෙහිදී ක්‍රියාත්මක වූ ශිවාම් ඩූබේ මිතුන් දවාගත් අතර අනතුරුව පිටියට පිවිසි රහීම් ප්‍රථම පන්දුවෙන්ම ලකුණු නොලබා දවා ගැනීමට ඔහු සමත් විය..
අනතුරුව කිසිදු බංගලාදේශ මැදපෙල පිතිකරුවෙකුටැ සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් දීපක් චහර් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් බංගලාදේශ ඉනිම ලකුණු 144 කට සීමා කරමින් ලකුණු 30ක ජයග්‍රහණයක් ඉන්දියාවට ලබා දීමට කටයුතු කළහ. බංග්ලාදේශය වෙනුවෙන් හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් නයිම් පන්දු 48කදී ළකුණු 81ක් ලබාගැනීමට සමත්විය.

තරඟෙන් සුවිශේෂම පන්දු යැවීම සිදු කළ ඉන්දීය වේග පන්දු යවන දීපක් චහර් කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය. මෙය වාර්තා වූයේ ඉන්දීය ක්‍රීඩකයෙකු 20-20 ජාත්‍යන්තර පිටියේ ලබාගත් ප්‍රථම කඩුලු ත්‍රිත්ව ලෙසටය.

එසේම ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 7 කට කඩුලු 6ක් වශයෙන් වන අතර මෙය අන්තර්ජාතික විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීමේ වාර්තාව බවට පත්විය.මෙයට පෙරමුණ වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් වේ.

තරඟයේ හා තරඟාවලියේ වීරයා බවට පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ දීපක් චහර් නම් කරන ලදි.

ඉන්දියාව 174 – 5 (20) ශ්‍රේයස් අයියර් 62, රාහුල් 52 සෞම්‍ය සර්කාර් 2 -29

බංග්ලාදේශය 144 – 10 (19.2) මොහොමඩ් නයීම් 81, මොහොමඩ් මිතූන් 27 දීපක් චහාර් 6 – 7[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top