බංග්ලාදේශය පැරදවූ ඉන්දියාව ප්‍රසාද ළකුණු තුන්සියයේ සීමාවට ළගා වෙයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැතත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 130 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බංලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලබා ගත්තේ ළකුණු 150ක් පමණි..බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් මුෂ්ෆිකර් රහීම් ළකුණු 43ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් ශම්මි කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.

සිය ප්‍රථම ඉනීම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 493ක් ලබා ඉනිම අත්හිටුවන ලදී. ඉන්දීය ප්‍රථම ඉනිම වෙනුවෙන් මයනක් අගර්වාල් විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කරමින් ලකුණු 243 ක් ලබා ගැනීමට සමත් විය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් ඔහු වටා ක්‍රීඩා කළ අජින්ක්යා රහනේ ලකුණු 86ක් , රවීන්ද්‍ර ජඩේජා ලකුණු 60ක් හා චෙටෙස්වර් පුජාරා ළකුණු 54ක් ලබා ගැනීමට සමත්විය..

ලකුණු 243 ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංගලාදේශ කණ්ඩායම සුපුරුදු පරිදි අසාර්ථක ආරම්භයක් ලබා ගත් අතර ඔවුන්ගේ කඩුලු 4ක් ලකුණු 44ක් තුල දැවී ගොස් අසීරු තත්ත්වයකට පත්වූහ.ප්‍රථම ඉනීමේ මෙන්ම හුදෙකලා සටනක නිරතවූ මුෂ්ෆිකර් රහීම් සටන්කාම් ළකුණු 64ක් ලබා ගත්තද එය බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් වැළැක්වීමට ප්‍රමාණවත් නොවිය.. මේ අනුව බංගලාදේශ දෙවන ඉනිම ලකුණු 213කට සීමාවූ අතර දෙවන ඉනිමේදී ද විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ මොහොමඩ් ශම්මි කඩුලු 4ක් හා රවී අශ්වින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය..

මෙම ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව ලෝක ටෙස් ක්‍රිකට් ශූරතාවලිය ප්‍රසාද් අකුණු සටහනේ ලකුණු 300ක් ලබා සිටින අතර අනෙකුත් සියලුම කණ්ඩායම් ලබා ඇත්තේ ලකුණු 232 ක් පමණි..( ශ්‍රී ලංකාව හා නවසීලන්තය ලකුණු 60 බැගින් ඔස්ට්‍රේලියාව හා එංගලන්තය ලකුණු 56 බැගින්)

තරගයේ වීරයා ලෙස මයනන්ක් අගර්වාල් පිදුම් ලැබීය.

බංග්ලාදේශය ප්‍රථම ඉනීම 150 රහීම් 43 , ශම්මි 3 – 27

ඉන්දියාව ප්‍රථම ඉනීම 493 – 6 අගර්වාල් 243 , රහනේ 86 අබු ජාවේඩ් 4 – 108

බංග්ලාදේශය දෙවන ඉනීම 213 රහීම් 64 ශම්මි 4 -31 අශ්වින් 3 – 42[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top