[vc_row][vc_column]
අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ අවසාන තරඟ තුන අද දින පැවත්වීමට නියමිත අතර අද දිනයේ ප්‍රථම තරඟය ඩෙකෑන්ග්ලැඩියේටර්ස් සහ කර්නාටක ටස්කර්ස් කණ්ඩායම අතර පැවත් විය.
තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කල ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල තරඟාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීය.
තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කල ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලේ නායක ශේන් වොට්සන් පන්දුවාර 10 තුලදීලකුණු 100කට අඩුවෙන් ප්‍රතිවාදී කණ්ඩායම රඳවා ගැනීමේ අරමුණින් පන්දු යැවීම ආරම්භ කලේය.
කර්නාටක ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 110ක් රැස් කලේ ශේන් වොට්සන් ප්රමුඛ ග්ලැඩියේටර්ස්පිලට ඉතා හොඳ ඉලක්කයක් ලබා දෙමිනි.
කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් වූ ජොන්සන් චාලස්, ඉවන් ලෙවිස් සහ හශීම් අම්ලා යන පිතිකරුවන් සියල්ලම ලකුණු අතරට පිවිසෙමින්ජයග්රහණය කල යුතුම තරඟය සඳහා තම දායකත්වය ලබා දුන්නේය.
ජොන්සන් චාල්ස් ලකුණු 32ක් ද නායක හශීම් අම්ලා ලකුණු 35ක්ද රැස් කලේය.
ප්‍රථම තරඟයේ සාර්ථක වූ උපුල් තරංග නොදැවී එක් ලකුණක් රැස් කරගෙන සිටියදී පන්දු දහයේ නිමාව සටහන් විය.
ජයග්‍රහණය කල යුතුම තරඟයේ ඉලක්කය හඹා යාමට පිවිසි ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූඅතර මුල් තරඟ දෙකේම සාර්ථක වූ ශේන් වොට්සන් ලකුණු රැස් කිරීමට ප්‍රථම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට මලින්ද පුශ්පකුමාරසමත් විය.
නැතිවූ බලාපොරොත්තු යලි ඇති කරමින් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරඟයේ ජයග්‍රහණය අවශ්‍යම අවස්ථාවක පන්දු 16කදීලකුණු 68ක් රැස් කරමින් පන්දු යවන්නන් අන්ද මන්ද කරමින් අති වේගවත් සබඳතාවයක් ගොඩ නැගූ කිරන් පොලාර්ඩ් සහ භානුකරාජපක්ෂ කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දුන්නේය.
තරඟයේ හැරවුම් ලක්ශය වූ කිරන් පොලාඩ් පන්දු 22කදී ලකුණු 45ක් ද භානුක රාජපක්ෂ පන්දු 7කදී ලකුණු 27ක්ද රැස් කිරීමට සමත්විය.
තරඟයේ වීරයා සම්මානයෙන් කිරන් පොලාඩ් පිදුම් ලැබීය.
[/vc_column][/vc_row]