[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”24522,24530,24543,24529,24515″][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2020 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුවදකණ්ඩායම වෙනුවෙන් සේවය සැපයීමට බලාපොරොත්තුවෙන් සිටින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකාච්ඡාවකදීපවසා ඇත.
ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කල හැකි තත්වයක ඔහු සිටින බවත් ඔහුගේ ඔහුගේ දක්ෂතාවයකළමනාකරණය කර ගැනීමේ හැකියාවක් ඔහුට ඇති බවද වෙබ් අඩවිය හමුවේ ඔහු පැවසීය.
” ලොව වටා විස්සයි විස්ස තරඟ මා ක්‍රීඩා කර තිබෙනවා. මට හිතෙනවා මට තව වසර දෙකක් පමණ ක්‍රීඩා කරන්න හැකි වෙයි කියලා.
අපිට ස්ථිර දක්ෂ පන්දු යවන්නෙක් නෑ. එහෙම කෙනෙක් අවුරුදකින් එකහමාරකින් හදන්න බෑ. ඒකට කාලය ගත වෙනවා. අපිට අවුරුදුදෙකක් ඉවසන්න වෙයි. සමහර විට තුනක්. තේරිම් කමිටුව එය තේරුම් ගත යුතුයි. මම කණ්ඩාමෙන් එලියේ ( බෙන්ච් එකේ) හිටියොත්ඒක කරන්න බෑ.
තරුණ ක්‍රීඩකයන්ට මට යමක් කරන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා. ඒත් ඒකට මම එතන ඉන්න ඕනා.මට පෙන්වන්න පුලුවන් එයමෙහෙමයි කරන්නේ කියලා. මම ක්‍රීඩා නොකරොත් මට ඒක කරන්න බෑ” යනුවෙන් කණ්ඩායමේ සහ ඔහුගේ අනාගතය පිළිබඳව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට තම අදහස් දැක්වූවේය.[/vc_column_text][/vc_column][/vc_row]