[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 16 වන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ඩැරන් සමී නායකත්වයදරන පසුගිය වර ශූරයන් වූ නෝදන් වොරියර්ස් කණ්ඩායම අතර පැවත් විනි.
දිනයේ ප්රථම තරඟය ලෙස පැවති තරඟයට වර්ශාවෙන් බාධා එල්ල වුවද ඉන් පසුව කාලගුණ තත්වය යහපත් වූ නිසා මෙම තරඟයටවර්ශාවෙන් බාධා එල්ල නොවීය.
කාසියේ වාසිය ජයග්රහණය කල ඩැරන් සමී නෝදන් ප්රථමයෙන් පන්දු යැවීමට ඒ අනුව පන්දුවට පහර දුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.
මෙම තරඟ රටාවේ ලකුණු 120කට අඩු ඕනම ඉලක්කයක් හඹා යෑමට පහසු අවස්ථාවක බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට සියබලාපොරොත්තු වූ ලකුණු ප්රමාණය ලබා නොදීමට ඩැරන් සමී ඇතුලු කණ්ඩායම සමත් වූ අතර එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රයඩ්ඇම්රිට් ලකුණු 16 කඩුලු 2ක් දවාගත්තේ සිය කාර්යභාරය මනාව ඉටු කරමිනි.
ක්රිස් වුඩ්, ජුනයිඩ් සිද්දීක් සහ නුවන් ප්රදීප් එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
තරඟාවලිය පුරාම පිතිකරුවෙක් ලෙස තම වගකීම සාර්ථකව ඉශ්ඨ කිරීමට අපොහොසත් වූ නායක තිසර පෙරේරා මෙම තරඟයේදීදලකුණු 3ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේය.
බැලූ බැල්මට පහසු ඉල්ලකයක් වූ ලකුණු 103 ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි නෝදන් වොරියර්ස් කණ්ඩායමේ ඇන්ඩ්රේ රසල්හැරුනුකොට අන් කවර ක්රීඩකයෙක්ටවත් සිය රිද්මය ලබා ගැනීමට බංග්ලා ටයිගර්ස් පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර දැවැන්තපීඩනයක් පිතිකරුවන්ට එල්ල කිරීමට පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් වග බලාගත්තේය.
ඇන්ඩ්රේ රසල් හයේ පහරවල් සහ හතරේ පහරවල් තුන බැගින් එල්ලකර පන්දු 21කදී ලකුණු 45ක් රැස් කර හුදකලා ඉනිමක් දියත් කලත්එය ජයග්රහණයට ප්රමාණවත් නොවීය.
පන්දුවාර දහය අවසානයේ ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 96ක් පමණි.
ජයග්රහණය සඳහා සිය දායකත්වය ලබා දුන් ඩේවිස් වීස් කඩුලු තුනක් දවාගත්තේ ලකුණු 14ක් පමණක් ලබා දෙමිනි.
ඔහු තරඟයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.[/vc_column_text][/vc_column][/vc_row]