T10 තරඟාවලියේ මූලික වටය අවසන්. කණ්ඩායම් 4ක් සමඟින් ེPlay Off වටය අද සිට!

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ අවසාන තරඟය ටීම් අබුඩාබි සහ කර්නාටක ටස්කර්ස් පිල අතර පැවති අතර තරඟයෙන් ලකුණු34ක ජයක් ලැබූ ටීම් අබුඩාබි කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණයකින් අවසන් කලද දල ලකුණු වේගය ප්‍රමාණවත් නොවූ නිසා Play Off වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.

හොඳ දල ලකුණු වේගයක් සහිතව ජයග්‍රහණයක් අවශ්‍යම අවස්ථවක සහ ගෞරවය සඳහා ජයග්‍රහණයක් අවශ්‍ය අවස්ථාවක එකිනෙකගැටුනු ටීම් අබුඩාබි සහ කර්නාටක ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් ටීම් අබුඩාබි කණ්ඩායම් නායක මොයින්අලී ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේය.

ගත් තීරණය සාර්ථක බව පසක් කරමින් නියමිත පන්දුවාර 10 තුලදී ඉතා හොඳින් සිය කාර්‍ය්‍ය ඉටු කල ටීම් අබුඩාබි මුල් පෙල පිතිකරුවන්නියමිත පන්දුවාර 10 තුලදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 128ක් රැස් කිරිමට සමත් විය.

හතරේ පහරවල් සහ හයේ පහරවල් හතර බැගින් එල්ල කරමින් අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ ලුක් රයිට් පන්දු 30කදී ලකුණු 57ක්රැස් කලේය. ඔහුට කදිම සහයක් ලබා දුන් නායක මොයින් අලී ලකුණු 31කින් සිය කණ්ඩායමට දායකත්වය ලබා දුන්නේය. අවිශ්කප්‍රනාන්දු රැස් කලේ ලකුණු 3ක් පමණකි.

පිලිතුරු ඉනිම දියත් කල කර්නාටක ටස්කර්ස් පිලට මුල සිටම දැවැන්ත පීඩනයක් එල්ල කිරිමට ටීම් අබුඩාබි පන්දු යවන්නන් සමත් විය. පීඩනය හමුවේ හශීම් අම්ලා, උපුල් තරංග, ජොන්සන් චාල්ස් ඇතුලු මුල් පෙල පිතිකරුවන් සියල්ලම පාහේ අසාර්ථක වූ අතර අවසානභාගයේ ක්‍රියාත්මක වූ නෙදර්ලන්ත හිටපු නායක රයන් ටෙන්ඩ්ස් කාට් පන්දු 12කදී ලකුණු 31ක් රැස් කලේය.

කෙසේ වූවත් එම ඉනිම ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූ අතර නියමිත පන්දුවාර 10 අවසානයේ ඔවුන් රැස් කලේ ලකුණු 94ක් පමණි.

හෙට (23 වෙනිදා ) දින තරඟාවලියේ Play Off වටය ආරම්භ වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top