සත්කාරකයන් පරදවමින් පාකිස්තානය ආසියානු නැගී එන ක්‍රිකට් ශූරතාවය දිනා ගනී

[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට්  ශූරතාවලියේ  අවසන් මහා තරඟය අද බංග්ලාදේශයේ  මීර්පූර්හි ශෙයාර් බංගලා ජාතික ක්‍රීඩාංගණයේදී සත්කාරක බංග්ලාදේශය හා පාකිස්තානය අතර පැවතුණි. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ නායක නජ්මුල් ශැන්ටෝ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානය වෙත පිරිනමන ලදී.. උදෑසනම පාකිස්තාන ඉනිමේ කඩුලු දෙකක් ලකුණු 41 කට බිඳ වැටුණද තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක සම්බන්ධතාවයක් එක්කළ කඩුලු රකින ක්‍රීඩක රොහායිල් නසීර් හා ඉම්රාන් රෆික් පාකිස්තානය වෙත නැවතත් තරගය රැගෙන ඒමට සමත්. මෙහිදී රෆීක් ලකුණු 62ක් ලබා ගත් අතර විශිඨ ඉනිමක් ක්‍රීඩා කළ  නසීර් පන්දු 111 කදී ලකුණු 113 ක් ලබා ගත්තේ හතරේ පහර 12 ක් හා හයේ පහර 3ක් ඊට අන්තර්ගත කරමිනි.පාකිස්තාන නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 301ක් ලබා ගැනීමට සමත් විය.. පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන්  ඛාන් කඩුලු 3ක් බිඳ හෙලන ලදි.

ලකුණු 302 ජයග්‍රාහි ඉලක්කයක්  හඹා ගිය බංගලාදේශයට කිසිදු විටෙක ස්ථාවර වීමට පාකිස්තාන පන්දු යවන්නන් කිසිදු අවස්ථාවක් ලබා නොදුන්න.මෙහිදී සිය ජාත්‍යන්තර ක්‍රිකට්  අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් විශිෂ්ඨ  පන්දු යැවීමක නිරතවූ මොහොමඩ් හස්මින්  කඩුලු 3ක් බිඳ හෙලන ලදි. බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වූ පිතිකරු යුගලය බවට පත්වූයේ අසීෆ් හුසේන් හා නායක ශැන්ටෝ  පමණි.ඔවුන් දෙදෙනා පිළිවෙලින්  ලකුණු 49ක් හා ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වූහ.. අග පෙළ පිතිකරුවෙකු වූ මෙහිදී හසන් ලකුණු හතළිස් දෙකක් ලබා ගන්නා ලදී. මේ අනුව බංග්ලාදේශය පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු හැකිවූයේ ලකුණු 224 ක් පමණි.. ඒ අනුව ලකුණු 77 කින් තරඟය ජයග්‍රහණය කළ පාකිස්තානය 2019 වසරේ නැගී එන ආසියානු ශූර පත්වීමට සමත් විය.. ගියවර ශූරතාව දිනූ ශ්‍රී ලංකාව මෙවර මූලික වටයෙන්ම ආපසු හැරී ඒමට සිදු වීම කණගාටුදායක සිදුවීමකි.
අවසන් තරගයේ වීරයා ලෙස රොහෙල් නසීර් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා බවට පත්වූයේ  තරගාවලිය පුරාම පන්දුවෙන් හා පිත්තෙන් දස්කම් දැක්වූ සුම්ය සර්කාර් වේ.
පාකිස්තානය 301 – 6 (50)  නසීර් 113 , රාෆික් 62  ඛාන් 3 -75
බංග්ලාදේශය 224 – 10 (43.3) හුසේන් 49 , ශැන්ටෝ 46 , හස්මින් 3 – 32

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top