මහේල , රංගන , අර්ජුන ඇතුළු ක්‍රීඩකයන් රැසක් ගාලු පුරෙන් නැවතත් ක්‍රීඩා පිටියට.

[vc_row][vc_column][vc_column_text]කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය යන බෞද්ධ පාසල් 8 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය මේ මස 29 , 30 හා එළැඹෙන මස 1 වනදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 20 වන වරටත් පැවැත්වීමට නියමිතය. මෙවර මෙම තරගාවලියේ සත්කාරකත්වය දරණ්නේ ගාල්ල මහින්ද විද්‍යාලය විසිනි.

මීට සමගාමීව එම පාසල් අටෙහි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම්හි වර්තමාන ක්‍රීඩකයන් සහභාගී වන සය සාමාජික ක්‍රිකට් තරගාවලියක්ද පැවැත් වේ. ගියවර පැවති එම තරගාවලියේ ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලය විසින්ද අනුශූරතාවය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විසින්ද දිනාගනු ලැබීය..

ඒ අනුව හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් එළඹෙන 29 වන දා වයස අවුරුදු 19 න් පහළ සය සාමාජික පාසල් ක්‍රිකට් තරඟ පැවැත්වෙන අතර එම තරගාවලියේ අවසන් තරගයද එදිනම පවත්වා ශූරයන්ට ශූරතාවය ප්‍රදානය කිරීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 29 වන දා හා දෙසැම්බර් පළවන දා එම පාසල් 8හි ආදි සිසුන් අතර පැවැත්වෙන තරඟාවලිය ආරම්භ වනු ඇත. මෙම තරඟාවලිය සඳහා එක් පාසලක් ක්‍රීඩකයන් එකොලොස් දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඉදිරිපත් කළ යුතු අතර මේ සඳහා ඇති නිර්ණායක වන්නේ එම ක්‍රීඩකයන් එකොළොස් දෙනා තුළ වයස අවුරුදු 40ට වැඩි ක්‍රීඩකයන් අට දෙනෙකු හා වයස අවුරුදු 35 – 40 ත් අතර ක්‍රීඩකයන් තිදෙනෙකු ඇතුළත් විය යුතු යන්න වේ.

මේ අනුව මෙම තරගාවලියට හිටපු ලෝක ශූර නායක අර්ජුන රණතුංග , මහේල ජයවර්ධන , රොෂාන් මහානාම , හේමන්ත දේවප්‍රිය , සිදත් වෙත්තමුණි , සමන් ජයන්ත , උපුල් චන්දන වැනි මහත්වරුන් එදිනට තරඟ කරනු ඇත.

තරඟාවලිය අවසානයේ දී දක්ශතම පිතිකරු, හොඳම පන්දු යවන්නා හා හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස දක්ශයන් රැසක් අතරින් ක්‍රීඩකයන් තෝරා ඔවුන් හට සම්මාන පිරිනමනු ඇත.

– චානක මධුසාගර-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top