Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

චමරිගේ දඹුලු කණ්ඩායම මහනුවර ඉදිරියේ පරාජයට පත්වේ

[vc_row][vc_column][vc_column_text]එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පලාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම් අතර පැති තරගයෙන් ජයග්‍රහණය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු දහතුනකින් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් විය.

දඹුල්ල කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවක් වන චමරි අතපත්තු විසින්ද මහනුවර කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායමේ නායිකාවක් වන හර්ෂිතා මාධවී විසින්ද දරනු ලැබීය

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවති ප්‍රථම තරඟයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චමරි අතපත්තු නායකත්වය දරන දඹුලු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට සමත් විය. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ හංසිමා කරුණාරත්න පන්දු 45 කදී ලකුණු 42 ක් ලබා ගත්තාය. ඇයට අමතරව ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 39 කදී ලකුණු 41 ක් සහ ජේෂ්ඨ ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 18 කදී ලකුණු 27 ක් ලබා ගැනීමට සමත්විය .

ලකුණු 133ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමේ 17 වැනි පන්දුවාරය අවසන් වීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඉන්පසුව යළිත් තරගය ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණි. ඒ මොහොතේදී මහනුවර කණ්ඩායම 4ක් දැවී ලකුණු 120ක් ලබා සිටි අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලබාගත යුතුව තිබුණේ කඩුලු හතරකට ලකුණු 107ක් පමණි.

මේ අනුව හර්ෂිතා මාධවීගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායමට තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමේ අවස්ථාව හිමි විය.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ හර්ෂිතා මාධවී පන්දු 49 කදී වේගවත් ලකුණු 66 ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහණය කරන තෙක් නොදැවී ක්‍රීඩා කළාය.එම ඉනිමට ඇය හතරේ පහර නවයක් හා හයේ පහර එකක් අන්තර්ගත කොට තිබුණි. ඇයට අනගි සහායක් ලබා දුන් සත්‍යා සංදීපනී පන්දු 27 කදී ලකුණු 23 ක් ලබා ගත්තාය.

මෙම තරඟාවලිය නියමිත පරිදි ආරම්භ වීමට තිබුණේ ඊයේ වුවද අධික වර්ෂාව හේතුවෙන් ඊයේ දින තරග පැවැත්වීමට නොහැකි විය. එසේම අද සවස පැවැත්වීමට නියමිත තරගය තරඟය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.

24 වනදාට නියමිතව තිබුණද අත්හැර දමන ලද තරඟ දෙක හෙට දින පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එදින දඹුල්ල සහ කොළඹ කණ්ඩායම අතර තරගයත් පස්වරුවේ මහනුවර සහ ගාල්ල අතර තරගයත් පැවැත්වෙනු ඇත.

දඹුල්ල පන්දුවාර 20 කදී 132/4 යි – (හංසිමා කරුණාරත්න 42, ප්‍රසාදිනී වීරක්කොඩි 41, ශෂිකලා සිරිවර්ධන (27), කවීෂා දිල්හාරි 25/2, උමේෂා 09/1, ජිමාන්ජලී විජේනායක 26/1)

මහනුවර පන්දුවාර 17 කදී 120/4 යි – (හර්ෂිතා මාධවී 60*, සත්‍යා සංදීපනී 23, උමේෂා තිමේශානි 12, ඉරේෂා ශ්‍යාමලී 22/1, ශෂිකලා සිරිවර්ධන 19/1, හංසිමා කරුණාරත්න 20/1)

-චානක මධුසාගර-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top