[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ඉනිමකදී වාර්තා කළ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනුයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාවේ. මෙම වාර්තාව අලුත් කරමින් නව වාර්තාවක් ඩේවිඩ් වෝනර් විසින් පිහිටුවනු ඇතැයි පසුගිදා අප සැවොම බලාපොරොත්තුවෙන් පසුවීමු. නමුත් ඕස්ට්‍රේලියානු නායකත්වය හා කළමණාකාරිත්වය වෝනර් ලකුණු 335ක් ලබා සිටියදී ඕස්ට්‍රේලියානු ඉනිම අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් එම බලාපොරොත්තු සුන්කර ගැනීමට ප්‍රේක්ෂකයන්ට සිදුවිය.
එදා බලාපොරොත්තු සුන්කර ගත් ප්‍රේක්ෂකයන් අතර එක්තරා සුවිශේෂී චරිතයක් සිටි අතර ඒ අන්කවරෙකු නොව මෙම වාර්තාවේ වර්තමාන හිමිකරු වන බ්‍රයන් චාල්ස් ලාරාවේ.
වෝනර් ලකුණු තුන්සියය ලබාගන්නා විට ඔහු රැඳී සිට ඇත්තේ ඔහුගේ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් ඇඩිලේඩ් නුවර නගර සීමාවේය. මේ අනුව වෝනර් ලකුණු 300 කඩඉම පසුකළ වහාම ලාරා ක්‍රීඩාංගණය වෙත යාමට සූදානම් වූයේ තමා පිහිටවූ වාර්තාව වෝනර් බිඳහෙලූ පසු ඔහුට සුභ පැතීමටය. මෙලෙස ක්‍රීඩාංගණයට ගොස් සුභ පැතීමට තවත් එක් විශේෂිත හේතුවක් ලාරාට තිබුණි. ඒ බ්‍රයන් ලාරා විසින් සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් ළකුණු 365ක් ලබා පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳ හෙළන මොහොතේදී ලාරා හට සුබ පැතීමට සර් ගාර්ෆීල්ඩ් ක්‍රීඩාංගණයට පැමිණි සිටි බැවින් වෝනර්හටද ක්‍රීඩාංගණය වෙත ගොස් සුභ පැතීමේ අවශ්‍යතාවයක් ලාරාට තිබීමත් ඔහු ඇඩිලේඩ් නුවර ඒ මොහොතේදී රැඳී සිටි නිසා එය ඉතා පහසුවෙන් සිදුකරගත හැකි වීමත් හේතුවෙන් ලාරා ක්‍රීඩාංගණය වෙත යාමට සූදානම් විය.
” මම ඇත්තටම බලාපොරොත්තු වුණා ඩේව් මගේ වාර්තාව බිඳ හෙළයි කියලා. මට පුදුම ආසාවක් ඇතිවුණා සර් සෝර්බර්ස් කළාක් මෙන් ක්‍රීඩාංගණය වෙත ගොස් ඩේව් හට සුබ පතන්නට. වාර්තා තියෙන්නේ බිඳ හෙලන්න තමයි. එය කවුරුන් බිද දැමුවත් ආශ්වාදජනක වුවත් ඩේව් වැනි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු එය සිදුකරන විට එහි වටිනාකම ඉතා ඉහළයි”
තවදුරටත් අදහස් දැක්වූ ලාරා
” ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණයට තමයි මූලිකත්වය ලබා දුන්නේ.විශේෂයෙන්ම ඔවුන් පැවති කාලගුණ තත්ත්වය පිළිබඳව සලකා බලනු ලැබුවා. නමුත් ඔවුන් පැවසුවා නම් ‘ ඩේව් පන්දුවාර 12ක් දෙන්නම් වාර්තාව කරා යන්න කියලා’ අනිවාර්යෙන්ම ඔහු වාර්තා කරා ඔහු යනවා.කෙසේ නමුත් එදින තරඟය නිමා කරන විට පාකිථානයේ කඩුළු හයක් දවාගත් ඕස්ට්‍රේලියාව තමන්ගේ තීරණය නිවැරදි බව පසක් කළා. සර් බ්‍රැඩ්මන්ගේ වාර්තාව පසුකල සැණින් ඔහු මගේ වාර්තාව කරා යනු ඇතැයි සිතා මම ඔහුගේ ඉනිම අවසන් වූ සැණින් සුබපැතීම ක්‍රීඩාංගණය වෙත ඒමට සූදානම් වුණා. නමුත් අවාසනාවට එවැනි දෙයක් සිදු වුණේ නෑ. නමුත් මම තවමත් විශ්වාස කරනවා ඩේවිඩ් වෝනර් හට ඔහුගේ ක්‍රිකට් ජීවිතය නිමා වෙන්න කලින් මගේ වාර්තා බිඳ හෙළන්න පුළුවන් වෙයි කියලා.මොකද ඔහු දැන් දන්නවා ලකුණු 300 ලබා ගන්න වගේම කොහොමද ලකුණු 400 ලබා ගන්නෙ කියලා
– චානක මධුසාගර-[/vc_column_text][/vc_column][/vc_row]