[vc_row][vc_column]
ඉදිරි වසර දෙකක් සඳහා ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාරගත් පකිස්ථාන හිටපු ප්‍රධානපුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික 51 හැවිරිදි මිකී ආතර් ඊයේ දින තම වගකීම සහ ඉදිරි වැඩකටයුතු පිලිබඳ අදහස් දක්වමින් මාධ්‍යහමුවක් සංවිධානය කල අතර එයට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඈශ්ලිද සිල්වා ලේකම් මොහාන් ද සිල්වා සහ නිලධාරීන් පිරිසක්ද සහභාගීවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ශතාවයෙහි අඩුවක් නොමැති බවත් අවශ්‍ය වන්නේ දක්ශතාවය නිසි ලෙස භාවිතා කිරීම බවප්‍රධාන වශයෙන් අවධාරණය කල මිකී ආතර් මේ ගතවන්නේ ලෝක ටෙස්ට් ශූරතාවය තිබෙන කාල වකවානුවක් සහ ලෝක විස්සයි විස්සශූරතාවය ආසන්න කාල සීමාවක් බැවින් සිය වගකීම අකුරටම ඉටු කිරීමට ඔහු සූදානම් බව මාධ්‍ය හමුවේ පවසා සිටියේය.
“මම අද උදේ ක්‍රීඩකයින් සමඟ පුහුණු සැසියකට සහභාගි වුණා. ඇත්තටම එය ඉතා හොඳ සැසියක් වුණා. එතැනදි මම දැක්ක දෙයක්තමයි දක්ෂතා තියෙන ක්‍රීඩකයින් එතැන ඉන්න බව. එතැනදි කළ යුත්තේ ඔවුන්ගේ දක්ෂතාවයන් කොහොමද හරියට භාවිතා කරන්නේකියන එක ගැන අවධානය යොමු කරන එකයි. ඒ වගේම ඒ දක්ෂතා කොහොමද පාවිච්චි කරන්න ඕන කියන එක ගැන එයාලව දැනුවත්කරන්න අවශ්‍යයි” ලෙස මාධ්‍යයට තවදුරටත් අදහස් දැක්වීය.
මීට ප්‍රථම පකිස්ථානය සමඟ වසර තුනක් එක්ව කටයුතු කල නිසා ආසියානු තණතීරු පිලිබඳ මනා අවබෝධයක් ඇති බව අවධාරණයකරයි.
මිකී ආතර් යටතේ 2017 දී පකිස්ථානය ශූරයන්ගේ කුසලානය දිනාගත් අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වලද වසරකට වැඩි කලක්පෙරමුණේ රැඳී සිටීමට පකිස්ථානය සමත් විය.
ඊට අමතරව මීකී ආතර් 2005 සිට 2010 දක්වා දකුණු අප්‍රිකානු පුහුණුකරු ලෙසද 2011-13 දක්වා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුලෙසද කටයුතු කර තම කාර්යය ගැන හසල දැනුමක් සහ අත්දැකීම් ඇති පුහුණුකරුවෙක් බව විචාරකයන්ගේ මතයයි!
ප්‍රධාන පුහුණුකරු තනතුරට අමතරව පන්දුයැවීමේ පුහුණුකරු ලෙස ඩේවිඩ් සේකර්ද සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්රේලියානුජාතික ෂේන් මැක්ඩොමට් ද ඊයේ දින වැඩ භාරගත් අතර මෙම පුහුණුකරු මඩුල්ලේම පළමු රාජකාරිය මෙමස 11වන දින ආරම්භ වනපකිස්ථාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය වනු ඇත.
[/vc_column][/vc_row]