[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. 1991 වසරට පසු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා අංශයේ ආධිපත්‍ය ඉන්දියාව අභිබවා තමා සතු කර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වීම කැපී පෙනුණි. ශ්‍රී ලංකාව මල්ල ක්‍රීඩා අංශයෙන් රන් පදක්කම් 15ක් දිනාගත් අතර ඉන් 6ක්ම අද දිනයේ වාර්ථා වීම සුවිශේෂී සිදුවීමක් විය.
මින් පදක්කම් තුනකටම වගකියනු ලැබුවේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩිකාවක් වන ඩිල්ශි කුමාරසිංහ වේ. තවමත් විසි හැවිරිදි වියේ පසුවන ඇය වළල් ඒ රත්නායක විද්‍යාලයේ ආදි ආදී ශිෂ්‍යාවක් වන අතර දුක් කම්කොටලු රැසක් මැදින් පැමිණි ඇය ලබාගත් මෙම ජයග්‍රහණය අහඹුවක් නොව දීර්ඝකාලීන කැපවීමක ප්‍රතිඵලයක් බව පැවසිය යුතුය.
මීට පෙර ඇය කනිෂ්ඨ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 , 400 × 4 සහය දීවීමේ හා මීටර් 800 ඉසව් වලින් රන් පදක්කම් දිනාගත් අතර ඉන් නොනැවතුණු ඇය ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා උළලේදී මීටර් 400 රිදී පදක්කමත් මීටර් 800 හා මීටර් 400 × 4 ලොකඩ පදක්කම් දෙකත් දිනා ගැනීමට සමත්විය.
මීට දින තුනකට පමණ පෙර ඇය සිය ප්‍රථම පදක්කම ලෙස මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම ලබා ගැනීමට සමත්වූවාය. එම තරගයට ඇය ක්‍රීඩා කළේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙස වන අතර මීටර් 400 කාන්තා ඉසව්වේ ජාතික ශූරිය වන නදීශා රාමනායක හදිසියේ උණ රෝගයට ගොදුරු වීම හේතුවෙන් තරඟයෙන් ඉවත්වූ අතර ඇය වෙනුවට මෙලෙස අභියෝගය බාරගත් ඩිල්ශි සිය පුද්ගලික හොඳම කාලයද අභිබවා යමින් තත්පර 53.40කදී සිය ඉසව්ව අවසන් කළ රන් පදක්ම දිනා ගැනීමට සමත්වූවාය.
ඉන් අනතුරුව ඇය ඊයේ උදෑසන ශ්‍රී ලංකාවට රන් පදක්කම් බලාපොරොත්තුව දෙගිඩියාවකට ලක්ව තිබූ මීටර් 800 ඉසව්වද ජයග්‍රහණය කොට ශ්‍රී ලංකාවට දෙවන රන් පදක්කම ලබාදීමට සමත්වූවාය. මීටර් 800 කාන්තා ඉසව්වේ ජාතික ශූරිය වන නිමාලි ලියනාරච්චි හට සිදුවූ අනතුරක් හේතුවෙන් ඇයට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අහිමිවූ අතර ඇයගේ අඩුව මකාලමින් ක්‍රියාත්මකවූ ඩිල්ශි කුමාරසිංහ මෙලෙස එම ඉසව්ව ජය ගැනීමට සමත්වූවාය.
ඉන් හෝරාවකට අඩු කාලයක් ගතවන තැනදී ඇය තෙවන රන් පදක්කමද ශ්‍රී ලංකාවට ලබා දුන්නේ තරගය සජීවීව නැරඹූ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හදවත මදකට නතර කරමිනි.
ගයන්තිකා අබේරත්න , ඔමායා උදයංගනී , කෞශල්‍යා මධුෂානි සමගින් එක්වූ එය මීටර් 400 × 4 කාන්තා සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා දීමට සමත්වූවාය. එම රන් පදක්කමෙහි ගෞරවය සම්පූර්ණයෙම ඩිල්ශිහට ලැබිය යුතු අතර පළමු යශ්ටි හුවමාරුවේ සිටම ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ සිට තරග කළ අතර නදීෂා රාමනායක හා නිමාලි ලියනාරච්චි නොමැති ශ්‍රී ලංකා සහය දිවීමේ කාන්තා කණ්ඩායම ලෝකඩ පදක්කම ලැබීමද ජයග්රහණයන් බව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ විශ්වාස කළහ. නමුත් ඉන් අනතුරුව සිදුවූයේ ලොම් ඩැහැගන්වන තත්පර කිහිපයකි.
කෞෂල්‍යයා මධුෂානිගෙන් අවසන් වටය සඳහා යෂ්ටිය ලබාගත් ඩිල්ශා ඉන් අනතුරුව කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයේ ධාවනයක යෙදෙමින් නොතිබූ රන් පදක්කමක් ශ්‍රී ලංකා වෙත ලබාදීමට කටයුතු කළාය.
ඇය තරගය ආරම්භ කරන විට ඇයට වඩා මීටර් 100ක පමණ පරතරයකින් ඉන්දීය ක්‍රීඩිකාව ප්‍රථම ස්ථානයේ තරඟ වැදුණු අතර ඇයට පිටුපසින් පාකිස්තානය ක්‍රීඩිකාව ධාවන යෙදුනු අතර තෙවන ස්ථානයේ ඩිල්ශි රැදී සිටියාය.
අවසන් මොහොතේදී ඉන්දීය හා පාකිස්තාන ක්‍රීඩිකාවන් පසුපසට ඇද දමමින් ඩිල්ශි ශ්‍රී ලංකාවට නොතිබූ රන් පදක්කමක් ලබා දුන්නේ සුසන්තිකා ජයසිංහ , දමයන්ති දර්ශා වැනි ක්‍රීඩිකාවන්ගේ ධාවනයක් යළි මතකයට නගමිනි.
ඒ අනුව අති සාර්ථකව මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අවසන් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත්ව අතර ඔවුන් රන් පදක්කම් 15ක් , රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් සමගින් මුළු පදක්කම් 34ක් දි ගැනීමට සමත්විය.
විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතවූ අතර සුගත් තිලකරත්න , රොහාන් ප්‍රදීප් කුමාර , දමයන්ති දර්ශා , සුසන්තිකා ජයසිංහ , ශ්‍රියානි කුලවංශලා නතර කළ ස්ථානයෙන් ශ්‍රී ලංකා මළල ක්‍රිඩාව ආරම්භ කිරීමට මොවුන්ට අවශ්‍ය වන්නේ මනා පුහුණුවක් , නිවැරැදි කළමණාකාරිත්වක් හා ජාත්‍යන්තර අත්දැකීම් පමණි. හැකියාව , කැපවීම , අධිෂ්ඨානය හා නොපසුබට උත්සහය මොවුන් තුළ අවශ්‍ය තරමටත් වඩා ඇත.
චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]