තරඟයේ පළමු දිනය දෙපිලේම පන්දු යවන්නන් රජ කරති!

[vc_row][vc_column][vc_column_text]

ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පකිස්ථානය හා පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට පකිස්ථානය පළමු ඉනිමටපිලිතුරු ලෙස පිතිකරණයේ යෙදෙන ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 64ක් රැස් කරමින් ලකුණු 127ක් පසුපසින් සිටියේය.

රාවල්පිණ්ඩිහිදී පැවති පළමු ටෙස්ට් තරඟය දැඩි වර්ශාව සහ අයහපත් ආලෝක තත්වය නිසා ප්‍රථිඵලයකින් තොරව අවසන් වෙද්දීතීරණාත්මක දෙවන සහ අවසාන ටෙස්ට් තරඟය අද දින කරච්චිහිදී යහපත් කාලගුණ තත්වයක් යටතේ ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ පකිස්ථාන නායක අසාර් අලී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලද සිය සහ කණ්ඩායමේ සැලසුම් වලට අනුවපිතිකරණයේ යෙදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

ආරම්භයේ සිටම පන්දු යවන්නන්ට හිතකර තත්වයක් ඉසීලූ තණතිල්ලේ දෝලනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ශ්‍රී ලංකා වේග පන්දු යුගලවූ ලහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දැඩි සංයමයකින් යුතුව පන්දු යවමින් පිතිකරුවන් පීඩනයට ලක් කලේය.

දිවා විවේකයට පෙර පකිස්ථාන ඉනිමේ කඩුලු තුනක් දවාගැනීමට මෙම දෙපල සමත් විය.

විශිෂ්ට පන්දු දෙකක් යොමු කර ආරම්භක පිතිකරු ශාන් මසූඩ් සහ නායක අසාර් අලි එකම පන්දුවාරයේ යලි ක්‍රීඩාගාරයට යැවීමට විශ්වප්‍රනාන්දු සමත් වූ අතර ප්‍රථම තරඟයේ ශතකයක් රැස් කල අබිඩ් අලි ලකුණු 34කට දවා ගැනීමට ලහිරු කුමාර සමත් විය.

දිවා විවේයෙන් පසු අසාඩ් සෆීක් සහ බාබර් අසාම් එක්වී බිඳ වැටී තිබූ ඉනිම යලි ගොඩ නැගූ අතර ඉනිමේ සාර්ථකම පිතිකරුවන් වූ එමදෙපල අර්ධ ශතක රැස් කිරීමට සමත් විය.

බාබර් අසාම් ලකුණු 60ක් රැස් කරද්දී අසාඩ් සෆීක් ලකුණු 63ක් රැස් කරමින් පකිස්ථාන ඉනිම ලකුණු 150 සීමාවට රැගෙන ආවේය.

මෙම පිතිකරුවන් දෙපල හැරුනු විට අනෙක් එකදු පකිස්ථානය පසු පෙල පිතිකරුවන්ට ලකුණු 10 සීමව පසු කිරීමට ඉඩ ලබා නොදුන් ලසිත්ඇඹුල්දෙණිය සහ ලහිරු කුමාර පකිස්ථාන ඉනිම ලකුණු 191කට සීමා කරන්නට විය.

ලහිරු කුමාර ලකුණු 49කට කඩුලු 4ක් දවාගනිද්දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 71කට කඩුලු 4ක් දවාගත්තේය.

මෙය මෙම පන්දු යවන්නන් දෙදෙනාගේම දෙවන හොඳම පන්දු යැවීම මෙය විය.

දිනයේ ඉතිරිව තිබූ පන්දුවාර 30 සඳහා පිළිතුරු ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා කණ්ඩායමටද නිදහසේ ලකුණු රැස් කිරීමට ඉඩ නොලැබුනේතණතිල්ලේ වේග පන්දු යවන්නන්ට තිබූ හිතකර බව මනාව පසක් කරමිනි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 24කට දැවී යද්දී කුසල්මෙන්ඩිස් ලකුණු 13ක් රැස් කරමින් දැවී ගියේය. ආරම්භක පිතිකරු ඕශධ ප්‍රනාන්දු ‍රැස් කලේ ලකුණු 4ක් පමණි.

දිනය අවසානයේ සැඳෑ ආරක්ශක ලෙස පිතිකරණයේ යෙදෙන ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 3ක්ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 8ක්දරැස් කරමින් සිටියේය.

ලකුණු 127ක් පසුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට දිනය තීරණාත්මක වනු අතර ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේශ්චන්දිමාල් ඇතුලු මැද පෙල පිතිකරුවන්ට දැඩි වගකීමක් පැවරී ඇත්.

හෙට තරඟයේ දෙවන දිනය වන අතර ශ්‍රී ලංකා වෙලාවෙන් පෙරවරු 10.30ට තරඟය ආරම්භ වනු ඇත.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top