[vc_row][vc_column][vc_column_text]ශ්රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට සිය දෙවනි ඉනිම ක්රීඩා කරන පකිස්ථානය එක් කඩුල්ලක්වත්නොදැවී ලකුණු 57ක් රැස් කරමින් සිටිය ශ්රී ලංකාවට වඩා ලකුණු 23ක් පිටුපසින් සිටිමිනි.
අද දිනය ආරම්භයේ පකිස්ථානය පළමු ඉනිමට වඩා ලකුණු 127ක් පිටුපසින් එනම් කඩුලු 3 කට ලකුණු 64ක් රැස් කරමින් සිටියදී ඉනිමආරම්භ කල ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් ඇඹුල්දෙණිය හට නිසි ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර දෙදෙනාම ලකුණු 13 බැගින් රැස් කරගෙන සිටියදී පකිස්ථාන වේග පන්දු බලඇණිය යටතේ සිය ඉනිම් අහවර කිරීමට සිදු විය.
ඉන්පසු පිටියේ එක් වූ ධනංජය ද සිල්වා සහ දිනේශ් චන්දිමල් ලකුණු 67ක සබඳතාවයක් ගොඩනගමින් කණ්ඩායමට යම් ස්ථාවරත්වයක්ලබා දුන්නද යළි ක්රියාත්මක වූ ශහීන් අෆ්රිඩී ධනංජය සිලවා නැවත ක්රීඩාගාරයට හරවා යැව්වේ ලකුණු 32ක් රැස් කරමින් සිටියදීය.
අසීරු අඩියක වැටී සිටි ශ්රී ලංකා ඉනින ගොඩනැගීමේ කාර්යය නිසිලෙස ඉටු කිරීමට උප නායක නිරෝශන් දික්වැල්ලද අසමත් වූයේ දිවාවිවේකයෙන් පසු ප්රථම කඩුල්ල ලෙස ලකුණු 21කට දැවී යනවාත් සමඟය.
අත්දැකීම් බහුල හිටපු ටෙස්ට් නායක දිනේශ් චන්දිමාල් එක් අන්තයක තනි වෙමින් සටන්කාමී ඉනිමක් දියත් කලේ පකිස්ථාන පළමු ඉනිමටවඩා ඉදිරියෙන් ලකුණු සටහන තබා ගැනීමේ අරමුණෙනි.
පන්දු යවන්නන්ට හිතකර අභියෝගාත්මක තණතිල්ලක සිය අත්දැකීම් භාවිතා කර අගනා ඉනිමක් ක්රීඩා කල දිනේශ් චන්දිමාල් ලකුණු 74ක්රැස් කලේ ශ්රී ලංකා ඉනිම 200 සීමාවට රැගෙන එමිනි.
ශ්රී ලංකා ඉනිමේ අගභාගය දිලෘවන් පෙරේරාගේ ඉනිමෙන් වර්ණවත් වූ අතර ඔහු ලකුණු 48ක් රැස් කිරීමට සමත් විය.
එම ඉනිම නිසාම ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 271ක් රැස් කල අතර පකිස්ථානය පළමු ඉනිමට වඩා ලකුණු 90ක වාසියක් හිමිකර ගැනීමටසමත් විය.
පන්දු යැවීමේදී ශ්රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වූ ශහීන් අෆ්රීඩි කඩුලු 5ක් දවාගත් අතර ඔහුට කදිම සහයක් ලබා දුන් මොහමඩ්අබ්බාස් කඩුලු 4ක් දවාගත්තේය.
තරඟයේ තෙවන දිනය හෙට වන අතර තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගෙන ඇති අතර තරඟය දින හතරකින් අවසන් වනු ඇතයිවිචාරකයන්ගේ මතයයි.
ලකුණු සටහන.
පකිස්ථාන පළමු ඉනිම – 190 / 10
බාබර් අසාම් 60, අසාඩ් සෆීක් 63 . ලහිරු කුමාර 4/49, ලසිත් ඇඹුල්දෙණිය 4/71
ශ්රී ලංකා පළමු ඉනිම – 271/10
දිනේශ් චන්දිමාල් 74, දිලෘවන් පෙරේරා 48 .ශහීන් අෆ්රිඩි 5/ 77 , මොහමඩ් අබ්බාස් 4/77
පකිස්ථාන දෙවන ඉනිම – 57-0
ශාන් මසූඩ් 21, අබ්ඩි අලි 32
පකිස්ථානය ශ්රී ලංකාට වඩා ලකුණු 23ක්ප සුපසින් සිටී.[/vc_column_text][/vc_column][/vc_row]