[vc_row][vc_column][vc_column_text]බොක්සිං ඩේ ටෙස්ට් ක්‍රිකට් තරග යනු මේ වනවිට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ටෙස්ට් තරඟ බවට පත්ව ඇත. එම තරග නැරඹීම සඳහා වැඩි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහභාගී වන අතර ඕස්ට්‍රේලියාව , එංගලන්තය ,නවසීලන්තය හා දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කොටගෙන බොහෝ විට මෙම බොක්සිං ඩේ තරග පැවැත්වේ.
බොක්සිං ඩේ ( Boxing Day) ලෙස සලකන්නේ නත්තලට පසු දිනය වේ. එනම් දෙසැම්බර් මස 26 වනදා බොක්සිං ඩේ ටෙස්ට් තරගය ආරම්භ වේ.
දෙසැම්බර් මස 26 වනදා මෙලෙස බොක්සිං ඩේ යැයි හැදින්වීමට හේතුව වන්නේ දෙසැම්බර් මස 25 වනදා නත්තල සැමරීමෙන් පසුව එකිනෙකා අතර ත්‍යාගයන් පෙට්ටි තුළ බහා (‘Christmas Box’) හුවමාරු වන්නේ පසුදා (26 වනදා) වන අතර ඒ අනුව මෙම දිනය බොක්සිං ඩේ ලෙස හැදින්වීමට බ්‍රිතාන්‍යයන් පෙළඹුණහ. ඉන් අනතුරුව එය අනිකුත් රටවලද ක්‍රමයෙන් ව්‍යාප්ත විය.
1950 දී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ප්‍රථම බොක්සිං ඩේ ටෙස්ට් තරගය පැවැත්වුණු අනතුරුව එය සාම්ප්‍රදායික තරගයක් බවට පත්විය. ඕස්ට්‍රේලියාව සිය බොක්සිං ඩේ ටෙස්ට් තරගය මෙල්බන් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන පැවත්වීම සාම්ප්‍රදාය වේ.
1989 දී ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර බොක්සිං ඩේ දිනයේදී එක්දින තරගයක් පවත්වා ඇත..
හෙටද සුපුරුදු පරිදි බොක්සිං ඩේ ටෙස්ට් තරග දෙකක් පවතින අතර එම තරග 2 වනුයේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර හා එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර වේ.
චාන[/vc_column_text][/vc_column][/vc_row]