ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරය ස්ථිර වේ

[vc_row][vc_column][vc_column_text]සිම්බාබ්වේ කණ්ඩායමට නියමිතව තිබූ ඉන්දීය තරගාවලිය ඔවුන්හට අහිමි වීම හේතුවෙන් එම විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවට හිමිවූ අතර පසුගිය ජූලි මස 18 වනදා සිම්බාබ්වේ ක්‍රිකට් වෙත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම පසුගිය ඔක්තෝබර් මසදී ඉවත් කිරීම හේතුවෙන් මෙලෙස ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරය ස්ථිර විය. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ICC ඉදිරි වර්ෂයන් සඳහා වන තරග කාලසටහන තුල ඇතුලත්ව තිබුණි.

මෙම තරගාවලිය සැලසුම් කළ පරිදිම පැවැතුණහොත් සිම්බාබ්වේ කණ්ඩායමක් 2017 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන ප්‍රථම අවස්ථාව මෙය බවට පත්වනු ඇත. අවසන් වරට 2016 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් සිම්බාබ්වේහිදී ටෙස්ට් තරග සංචාරයක් කළ අතර එම තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ නමුත් මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවට (WTC) අදාළ නොවේ.

-චානා-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top