“The Hundred” තරගාවලියේ තරග නීතිරීති

[vc_row][vc_column][vc_column_text]එංගලන්තය හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන “The Hundred” නැතහොත් පන්දු 100යේ තරගාවලිය එළඹෙන වසරේ ජූලි මස 17 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ තරග නීතිරීති පසුගියදා හදුන්වා දීම සිදුකළ අතර මෙහි තරග නීතිරීති පහත පරිදි වේ.

01. ඉනීමක් පන්දු 100 කින් සමන්විත වේ.

02. පන්දු යැවීමේ අන්තයන් සෑම පන්දු 10 කට වරක් පමණක් මාරුවීම සිදුවේ.

03. පන්දු යවන්නෙකුට තරගය තුළ ක්‍රියාත්මක කළ හැකි උපරිම පන්දු සංඛ්‍යාව 20 කි.

04. පන්දු යවන්නෙකුට එක වරකදී පන්දු 5ක් හෝ පන්දු 10ක් ලෙසට තම පන්දුවාරය ක්‍රියාත්මක කළ හැකිය.

05. පන්දු යවන කණ්ඩායම හට විනාඩි දෙකයි තත්පර තිහක විවේක කාලයක් තරගය තුළදී හිමිවේ.(strategic Timeout )

06. පවර් ප්ලේ අවස්ථාව ලෙස තරගයේ පළමු පන්දු 25 සළකනු ලබයි.

07. පවර් ප්ලේ අවස්ථාවේදී යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැකි උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව දෙදෙනෙකි.

08. තරඟයක ප්‍රතිඵලයක් තීරණය කිරීමට එක් පිළක් අවම වශයෙන් පන්දු 25 ක්‍රීඩා කළ යුතු වේ.

09. කඩුල්ලක් දැවී ගිය පසු පැමිණෙන නවක පිතිකරුවා මීළඟ පන්දුවට මුහුණ දිය යුතුවේ.

10. විනාඩි 65 ක කාලයක් පන්දු 100 සම්පූර්ණ කිරීම සඳහා ලබාදී ලබාදී ඇත.

11. එම කාලය තුළදී පන්දු යවන කණ්ඩායමට පන්දු 100 සම්පූර්ණ කිරීම නොහැකි වුවහොත් දඬුවම් ලකුණු හයක් ප්‍රතිවාදී පිලට හිමිවේ.

– චානා -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top