Headline

වසරේ පළමු මුහුදු පිහිනුම් තරගයේ වැඩි දක්ෂතා යුධ හමුදාවෙන්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තෙවැනි වරට සංවිධාන කළ විවෘත මුහුදු පිහිනුම් තරගය ගාලු මුවදොර මුහුදු තීරයේදී අවසන් වුණා.

කිලෝ මීටර 10 ක දුරකින් සමන්තිව වූ මෙහිදී කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම තරග පැවැත්වුණා. පිරිමි අංශයේ ශුරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජී එස් එම් පෙරේරා. එහි දෙවැනි ස්ථානය යුධ හමුදාවේ ඩබ්ලිව් විමල් කුමාර දිනා ගත් අතර තෙවැනි ස්ථානය හිමි වුණේ යුධ හමුදාවේම ඩබ්ලිව් එම් අබේරත්නට.

කාන්තා අංශයේ පළමු ස්ථානය කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යායේ තිළිජනා පරාක්‍රමසිංහ දිනා ගත්තා. එහි දෙවැනි ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ ජනිති කුලවර්ධනට හිමි වූ අතර තෙවැනි ස්ථානය හිමි කර ගත්තේ විශාකා විද්‍යාලයේම මෙතාසා විද්‍යාරත්නයි.

මෙහි පිරිමි හා කාන්තා කණ්ඩායම් ශුරතා ද්විත්වයම යුධ හමුදාව දිනා ගත්තා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top