[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරග මෙල්බර්හිදී පැවැත්වුණා. කාන්තා කේවල අංශයේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ස්පාඤ්ඤයේ ගේබ්‍රීන් මුගුරුසා සහ රොමේනියාවේ සිමෝන් හලේප් අතර. ඉන් ගේබ්‍රීන් මුගුරුසා ජය ගත්තේ වට 2 ට 0 ක් ලෙසයි. ඇය වට 2 ට 0 ක් ලෙස පහසුවෙන් තරගය ජය ගත්තා. ලකුණු තත්වය දැක්වුණේ 7 ට 6 ක් සහ 7 ට 5 ක් ලෙස.
තරගය ජය ගත් ගේබ්‍රීන් මුගුරුසා ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව 32 වැනි ස්ථානයේ පසුවනවා. පරාජය වූ සිමෝන් හලේප්ට ශ්‍රේණි ගත කිරීම් අනුව තෙවැනි ස්ථානය හිමියි. ගේබ්‍රීන් මුගුරුසා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.
දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ අමෙරිකාවේ සොෆියා කෙනින් සහ ඔස්ට්‍රේලියාවේ ඈෂ් බර්ටි අතර. එම තරගයෙන් කෙනින් ජය ගත්තේ වට 2 ට 0 ක් ලෙසයි. ලකුණු තත්වය 7 ට 6ක් සහ 7 ට 5 ක් ලෙස දැක්වුණා. එම ජයග්‍රහණයත් සමග සොෆියා කෙනින් තරගාවලියේ අවසන් තරගයට පිවිසියා. ඇය ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. සොෆියා කෙනින් ලොව ටෙනිස් ශ්‍රේණි ගත කිරීම් අනුව 15 වැනි ස්ථානයේ පසුවනවා. ඇය හමුවේ පරාජය වූ ඈෂ් බර්ටිට ලොව ටෙනිස් ශ්‍රේණි ගත කිරීම් අනුව පළමු ස්ථානය හිමියි.
නොවැක් යොකැවිච් අවසන් තරගයට
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සර්බියාවේ නොවැක් යොකැවිච් සමත් වුණා. ඒ අවසන් පූර්ව තරගයේදී ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පරාජය කරමින්. තරගාවලිය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී.
අවසන් පූර්ව වටයේ පළමු තරගය නොවැක් යොකැවිච් ජය ගත්තේ ලකුණු 7 ට 6 ක් ලෙසයි. ඔහු තරගයේ දෙවැනි වටය ලකුණු 6 ට 4 ක් ලෙස ජය ගත්තා. තෙවැනි වටයද ලකුණු 6 ට 3 ක් ලෙස ජය ගත් යොකැවිච් තරගාවලියේ අවසන් පූර්ව තරගය ජය ගත්තේ වට 3 ට 0 ක් ලෙසයි. ඒ අනුව යොකැවිච් 8 වැනි වරටත් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට පිවිසියා. ඔහු ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ 26 වැනි අවස්ථාව මෙයයි.
නොවැක් යොකැවිච් මේ වන විට ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානයේ පසුවනවා. ඔහු හමුවේ පරාජය වූ රොජර් ෆෙඩරර්ට ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව තෙවැනි ස්ථානය හිමියි.[/vc_column_text][/vc_column][/vc_row]