ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පලඝ අවසන් තරගයෙන් පරාජයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඝ අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කළා. ඉන් උපරිම ඵල නෙලා ගත් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 279 ක් රැස් කළා. ඩෑන් මවුස්ලි ලකුණු 111 යි. ජැක් හෙයින්ස් ලකුණු 68 ක් සහ ජෝයි එවිසන් ලකුණු 59 ක් රැස් කළා. පන්දු යැවීමේදී දිල්ශාන් මදුශංක සහ සුධීර තිලකරත්න කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 31 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 127 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ රවින්දු රාෂාන්ත. ඔහු ලකුණු 66 ක් රැස් කිරීමට සමත් වුණා.කමිල් මිෂාර ලකුණු 15 ක් සහ චමින්දු විජේසිංහ ලකුණු 11 ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කිසිදු පිතිකරුවෙන් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වුණේ නැහැ. පන්දු යැවීමේදී ලෙවිස් ගොල්ඩ්ස්වර්ති ලකුණු 21 කට කඩුලු 5 ක් බිද හෙලුවා. තරගයෙන් එංගලන්ත කණ්ඩායම ජය ගත්තේ ලකුණු 152 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top