ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්.

කණ්ඩායමේ නායකයා කිරන් පොලාඩ්. උපනායකයා ලෙස නම් කර තිබෙන්නේ ශායි හොප්. ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය තරග 3 කින් සමන්විතයි. ඉන් පළමු තරගය ලබන 22 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි. දෙවැනි තරගය ලබන 25 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය ලබන මාර්තු මස 01 වැනි දිනය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර මේ වන විට පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 57 ක්. ඉන් තරග 26 ක් ශ්‍රී ලංකාවත් තරග 28 ක් බටහර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් ජය ගත්තා. අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරගාවලික් සදහා මෙරටට පැමිණ තිබෙන්නේ 2015/16 තරග සමයේදීයි. එම තරගාවලියෙන් ශ්‍රී ලංකාව තරග 3 ට 0 ක් ලෙස ජය ගෙන තිබෙනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top