ඉන්දියාව සමග පැවැති පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට

[vc_row][vc_column][vc_column_text]තරග 3 කින් සමන්විත ඉන්දීය නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ හැමිල්ටන්හි සෙඩර්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා. මෙම තරගයේදී ඉන්දියාව වෙනුවෙන් ප්‍රිත්වි ෂොව් සහ මයාන්ක් අගර්වාල් එක්දින වරම් හිමි කර ගත්තා. ටොම් බ්ලන්ඩෙල් නවසීලන්තය වෙනුවෙන් එක්දින වරම් හිමි කර ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 347 ක්.

වැඩිම ලකුණු ලාභියා වෙමින් ශ්‍රෙයාස් ඉයර් රැස් කළ ලකුණු සංඛ්‍යාව103 ක්. ඔහුගේ ඉනිමට 4 පහර 11 ක් සහ 6 පහරක් ඇතුලත් වුණා. කේ එල් රාහුල් ලකුණු 88ක් රැස් කළ අතර නායක විරාත් කෝලි ලකුණු 51 යි. පන්දු යැවීමේදී ටිම් සවුති ලකුණු 85 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 348 ක දැවැන්ත ඉලක්කයක් සමග නවසීලන්ත ඉනිම ආරම්භ කළේ මාටින් ගප්ටිල් සමග හෙන්රි නිකලස්. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 85 ක සබධතාවක් ගොඩනැගුවා. ගප්ටිල් ලකුණු 32 කට දැවී ගියේ නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස. හෙන්රි නිකලස් ලකුණු 78 ක් රැස් කළා. නායක ටොම් ලේතම් ලකුණු 69 යි.

විශිෂ්ට ඉනිමක් දියත් කළ රොස් ටේලර් නොදැවී ලකුණු 109 ක් රැස් කළේ පන්දු 84 ක‌ට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් සහ 6 පහර 4 ක් ඇතුලත්. නවසීලන්තය තරගය ජය ගත්තේ පන්දු වාර 48 යි පන්දුවක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 348 ක් රැස් කරමින්. තරගයේ වීරයා රොස් ටේලර්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top