[vc_row][vc_column][vc_column_text]සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගය පැවැත්වුණේ රාවල්පින්ඩිහිදී.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පළමු ඉනිම සදහා සියලු ක්රීඩකයින් දැවී ලකුණු 233 ක් රැස් කළා. මොහොමඩ් මිතුන් ලකුණු 63 ක් රැස් කළ අතර නජිමුල් හොසේන් ලකුණු 44 යි. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි කඩුලු 4 ක් බිද හෙලුවා. පිලිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු ක්රීඩකයින් දැවී ලකුණු 445 ක් රැස් කළා. ඔවුන්ගේ ඉනිමට ශතක දෙකක් ඇතුලත් වීම විශේෂත්වයක්. බාබර් අසාම් ලකුණු 143 ක් රැස් කළ අතර ෂාන් මසූඩ් ලකුණු 100 යි. හරීස් සොහේල් ලකුණු 75 ක් සහ අසාද් සාෆික් ලකුණු 65 ක් රැස් කළා.
පන්දු යැවීමේදී අබූ ජායිඩ් සහ රුබෙල් හොසේන් කඩුලු 3 බැගින් බිද හෙලුවා. අනතුරුව සිය දෙවැනි ඉනිම සදහා බංග්ලාදේශ කණ්ඩායමට සියලු ක්රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 168 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොමිනුල් හක් ලකුණු 41 ක් ලබා ගත් අතර නජිමුල් හොසේන් ලකුණු 39 ක් ලබා ගත්තා.පන්දු යැවීමේදී නසීම් ෂා සහ යසීර් ෂා කඩුලු 4 බැගින් බිද හෙලුවා. තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 44 කින්.[/vc_column_text][/vc_column][/vc_row]