මහනුවර කණ්ඩායමට තවත් ජයක්

[vc_row][vc_column][vc_column_text]අන්තරා සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ‌ා. තරගය ආරම්භයේදීම නාව හමුදා කණ්ඩායම දකුණු දැක්වුවද පළමු අර්ධය අවසන් වන විට එහි පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. එහි ලකුණු තත්වය දැක්වුණේ 19 ට 16 ක් ලෙස.

පළමු අර්ධයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස් කළා. නියමිත කාලය අවසන් වුණේ ලකුණු 39 ට 28 ක් ලෙස මහනුවර කණ්ඩායමට ජය හිමි කර දෙමින්. මහනුවර ක්‍රීඩකයින් ගෝල දිනුම් 4 ක් උත්සාහක දිනුමක් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු රැස් කළා.

මේ අතර පොලිස් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ පොලිස් ක්‍රීඩාංගණයේදීයි. තරගයේ පළමු අර්ධය නිමා වුණේ ලකුණු 29 ට 0 ක් ලෙස පොලිස් කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. තරගයේ දෙවැනි අර්ධයේදී පොලිස් කණ්ඩායම කිසිදු ලකුණක් රැස් කළේ නැහැ. නමුත් ගුවන් හමුදාව එහිදී ලකුණු 12 ක් රැස් කළා. තරගයෙන් පොලිස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 29 ට 12 ක් ලෙසයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top