Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

අන්තර් සමාජ රග්බි පිටියේදී පොලිස් , සී එච් සහ හැව්ලොක්ස් ජය වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]පොලිස් කණ්ඩායම මෙම සතියේදී තරග වැදුනේ යුධ හමුදා කණ්ඩායමට එරෙහිවයි. එම තරගය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ පළමු අර්ධයේදී කැපී පෙණෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් පළමු අර්ධයේදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 33 ක්. ප්‍රතිවාදී යුධ හමුදා කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගමිනින් ලකුණු 19 ක් රැස් කළා.

ඒ අනුව තරගයේ පළම අර්ධය නිමා වුණේ පොලිස් කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. දෙවැනි අර්ධයේදී පොලිස් කණ්ඩායම තවත් ලකුණු 14 ක් රැස් කළා. යුධ හමුදාව එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 12 ක්. ඒ අනුව ලකුණු 47 ට 31 ක් ලෙස ජය වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත් වුණා. ජයග්‍රාහී කණ්ඩායම ලකුණු රැස් කළේ ගෝල දිනුම් 6 කින් සහ උත්සාහක දිනුමකින්.

හැව්ලොක්ස් කණ්ඩායම නාවික හමුදාව සමග තරග වැදුණේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීයි. පළමු අර්ධයේදී ලකුණු 11 ට 10 ක් ලෙස නාවික හමුදාව ඉදිරියෙන් සිටියා. දෙවැනි අර්ධයේදී හැවිලොක්ස් කණ්ඩායම තවත් ලකුණු 15 ක් රැස් කළා. නමුත් නාවික හමුදාව එහිදී රැස් කළේ ලකුණු 07 ක් පමණයි. ඒ අනුව ලකුණු 25 ට 18 ක් ලෙස ජය වාර්තා කිරීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් වුණා. හැව්ලොක්ස් ක්‍රීඩකයින් ලකුණු රැස් කළේ උත්සාහක දිනුම් 5 කින්.

සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම තරග වැදුනේ ගුවන් හමුදාව සමග. එම තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වුණා. තරගයේ පළමු අර්ධයේදී සී එච් කණ්ඩායම ගෝල දිනුමත් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 12 ක් රැස් කළා. එම අර්ධයේදී ගුවන් හමුදාව සාර්තක කර ගත්තේ එක් උත්සාහක දිනුමක් පමණයි. ඒ අනුව ලකුණු 12 ට 5 ක් ලෙස සී එච් ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටිමින් එම අර්ධය නිමා වුණා.

දෙවැනි අර්ධයේදී සී එච් කණ්ඩායම තවත් ලකුණු 14 ක් රැස් කළා. නමුත් ගුවන් හමුදාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 12 ක්. ඒ අනුව ලකුණු 26 ට 17 ක් ලෙස තරගය ජය ගත්තේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමයි. ජයග්‍රාහී සී එච් කණ්ඩායම ලකුණු රැස් කළේ ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමකින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top