දකුණු අප්‍රිකාවට එරෙහි 20 යි 20 තරගාවලිය ඔස්ට්‍රේලියාව ජය ගනී

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වැනි 20 යි 20 තරගය පැවැත්වුණේ කේප් ටවුන්හිදී. තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීඹට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් රැස් කළා. ඩේවිඩ් වෝනර් ලකුණු 57 ක් රැස්කළ අතර ඒරන් ෆින්ච් ලකුණු 55 යි. පිලිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 15 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 96 ක් පමණයි. රසී වෑන් ඩර් ලකුණු 24 ක් සහ හෙයින්රිච් ක්ලාසන් ලකුණු 22 ක් රැස් කළා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් සහ ඈෂ්ටන් ඒගර් කඩුලු 3 බැගින් බිද හෙලුවා. තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 97 කින්. ඔවුන් තරග 2 ට 1 ක් ලෙස තරගාවලියේ ජය වාර්තා කළා. තරගයේ වීරයා මිචෙල් ස්ටාක්. ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් තරගාවලියේ වීඍයා සම්මානයෙන් පිදුම් ලැබුවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top