එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ජය වාර්තා කරයි.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත සහ පාකිස්ථාන කණ්ඩායම් අතර තරගය කැන්බරාහිදී පැවැත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා. හේදර් නයිට් පන්දු 47 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 62 ක්. නැටලි ෂිවර් ලකුණු 36 යි. පන්දු යැවීමේදී එයිමන් අන්වර් කඩුලු 3 ක් සහ නීඩා ඩාර් කඩුලු 2 ක් බිද හෙලුවා. පිලිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දු 4 ක් අවසානයේ සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116 ක් පමණයි. ආලියා රියාස් ලකුණු 41 ක් රැස් කළා. පන්දු යැවීමේදී ඇනියා ශ්‍රබ්සොලේ සහ සාරා ග්ලෙන් කඩුලු 3 බැගින් බිද හෙලුවා. කැතරීන් බ්‍රන්ට් සහ සොෆී එක්සෙල්ටෝන් අතර කඩුලු 2බැගින් බෙදී ගියා. තරගයෙන් එංගලන්ත කණ්ඩායම ජය ගත්තේ ලකුණු 42 කින්.

දකුණු අප්‍රිකා සහ තායිලන්ත කණ්ඩායම් අතර තරගයද කැන්බරාහිදී පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දු වාර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 195 ක් රැස් කළා. ලිසෙලි ලී නොදැවී ලකුණු 101 යි. පන්දු 60 කදී ගොඩනැගුණු ඇගේ ඉනිමට 4 පහර 16 ක් සහ 6 පහර 3 ක් ඇතුලත්. සූන් ලූස් නොදැවී ලකුණු 41 යි. පිලිතුරු ලෙස තායිලන්ත කාන්තා කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දුවක් අවසානයේදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 82 ක් පමණයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ශබ්නිම් ඉස්මල් සහ සූන් ලූස් කඩුලු 3 බැගින් දවා ගත්තා. තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 113 ක දැවැන්ත ජයක් හිමිවුණා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top