Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

එංගලන්තය කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ සිඩ්නිහිදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් රැස් කළා. නැටලි ෂිවර් ලකුණු 53 යි. පිලිතුරු ලෙස කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 17 යි පන්දුවක් අවසානයේදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළේ ලකුණු 97 ක් පමණයි. ඒ අනුව තරගයෙන් එංගලන්ත කණ්ඩායම ජය ගත්තේ ලකුණු 46 කින්. එම ජයග්‍රහණයත් සමග එංගලන්ත කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියා.

මේ අතර තරගාවලියේ පැවැති තවත් තරගයකින් දකුණු අප්‍රිකාව ජය ගත්තා.. ඒ පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ සිඩ්නිහිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 136 ක් රැස් කළා. ලවුරා වොල්වර්ට් නොදැවී ලකුණු 53 යි. පිලිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළේ ලකුණු 119 ක් පමණයි. ඇලියා රියාස් නොදැවී ලකුණු 39 ක් රැස් කළ අතර ජවෙයිරා ඛාන් ලකුණු 31 යි. තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තේ ලකුණු 17 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top