හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ අවධානම වෙනුවෙන් කැපවෙයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් 3m N95 වර්ගයේ උසස් මුහුණු ආවරණ සහ දෑත් සේදුම්කාරක ලබාදීම අද සිදු කෙරුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිටදීයි. ඊට අනුග්‍රහය දක්වනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතායි.

කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද තම ජීවිත අවදානම පවා නොතකා වාර්තාකරණයේ නියැලෙන කොළඹ දිස්ත්‍රික් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඩ්‍රීම්රෝන් ආයතනයෙ අනුග්‍රහයන් දෑත් සේදුම්කාරක ලබාදීමද මෙහිදී සිදු කෙරුණා.

ක්‍රීඩා මාධ්‍යවේදීන් හට මෙම කාලයේදී ක්‍රීඩා මාධ්‍ය කරනයේ යෙදෙන්නට අවස්ථාව නොමැතිව තිබෙන්නේ සියලු ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදුව තිබීම හේතුවෙන්. කෙසේ වෙතත් ඉන් ඔබ්බට ගොස් සමාජ වගකීම හඳුනාගෙන මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවලදී මැදිහත් ව කටයුතු කිරීම තමා දැඩි ලෙස අගය කරන බවයි හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කරන පිරිස් වෙනුවෙන් වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක උපකරණ සහ තවත් ආධාර ලබා දීම මීට පෙරද සිදු කළා. සංගමයේ සභාපති කරුපයියා රාමක්‍රිෂ්ණන් , ලේකම් චතුක දිවාෂණ ඇතුළු සාමාජිකයන් මීට මූලිකත්වය ගෙන කටයුතු කළා.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top