‘ක‍්‍රිකට් ක‍්‍රීඩාව අද වෙනකොට හුඟක් පල්ලෙහා තත්ත්වයට ඇවිල්ල තිබෙනවා.” සනත් ජයසූරිය

[vc_row][vc_column][vc_column_text]ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතා අදහස් දක්වමින්,

මම හිතන්නේ මම වෙන්න ඇති ලංකාවේ කණ්ඩායමට දුරින්ම ආපු ක‍්‍රීඩකයා. මම කියන්නේ අපි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නෙ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන්. වෙන තැන්වලින් කවුරුත් ඇවිල්ලා නැහැ. අපි පොඩි කාලේ දැකපු ක‍්‍රිකට් ක‍්‍රීඩාව අද වෙනකොට හුඟක් පල්ලෙහා තත්ත්වයට ඇවිල්ල තිබෙනවා. කොළඹ ඉඳලා මාතරට මාතර ඉඳලා හම්බන්තොටට යනකම් පාසල්වල තිබෙන දේවල් දැක්කම ඉතාම කණගාටුයි. ඒ නිසා පාසැල් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයට ළමයි වෙනුවෙන් කරන්න ලොකු වැඩ කොටසක් වගකීමක් තිබෙනවා. ඒ තත්ත්වය නැති හින්දා මම යෝජනා කරනවා පාසල් වලට දෙන්න පුළුවන් සහයෝගයත් ලබාදිය යුතුයි.

ඒ වගේම පාසල් වලට තණතිලි සහ පහසුකම් ලබාදීම ලොකු ගැටළුවක් වෙලා තිබෙනවා. අපේ ළමයි ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියක සෙල්ලම් කරන්න දන්නේ නැහැ. උතුරු පළාතේ මමත් ගිහිල්ලා බලල තියනවා. ඒ ළමයින්ට පහසුකම් ලබා දීලා තිබෙනවා මදි. අද අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව පල්ලෙහාට වැටී ගෙන යමින් තිබෙනවා. ඒ වැටෙන තැනින් උඩට ගේන්න අපිට ලොකු වගකීමක් තිබෙනවා. ඒක නිසා අපි හැමෝම එකතු වෙලා මේ වැඬේ කරන්න ඕනි. අපි එක එක්කෙනා වෙන වෙනම කතා කරල මේ වැඬේ කරන්න බැහැ. ඒක නිසා පරණ ක‍්‍රීඩකයෝ, ක‍්‍රිකට් බලධාරීන් හැමෝම එකට කතා කරලා එක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ සියලූ දෙනාම රජයක් වශයෙන් අපිට මේ වෙලාවේ සහයෝගය ලබාදෙන අවස්ථාවක මේ ක‍්‍රීඩාව ඉදිරියට ගෙනියන්න අපිට වගකීමක් තිබෙනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top